IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


අපරාධකරුවන්ට ආයුධ අලෙවි කළ දෙදෙනෙකු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
ගිනි අවි සහ ආයුධ නිෂ්පාදනය කර අපරාධකරුවන්ට අලෙවිකරන ස්ථානයක් වටලා කුරුවිට ප්‍රදේශයේදී දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය කියයි.
 
අත්අඩංගුවට ගත් අය 52 සහ 68 හැවිරිදි වියේ පසුවෙති.
 
එම සැකකරුවන් සමඟ බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක්, ගිනි අවි නිෂ්පාදනයට යොදාගන්නා උපකරණ රැසක්, මිලි මීටර් 12 වර්ගයේ උණ්ඩ දෙකක්, විවිධ ප්‍රමාණවලින් යුතු කඩු තුනක් හා පිහියක් පොලිසිය බාරයට ගෙන ඇත.
 
මීට දින දෙකකට පෙර දැරණියගල පොලිස් වසමේ මාලිබඩ ප්‍රදේශයේදී, අත්අඩංගුවට ගත් මංජු නමැති පාතාල සාමාජිකයකුගේ ගෝලයකුගෙන් අනාවරණය වූ තොරතුරු අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය වැටලීම කර ඇත .
 
එම ප්‍රදේශයේ මත්පැන් ජාවාරම්කරුවන් ප්‍රදේශවාසීන් බියවැද්දීම සඳහා ගිනි අවි සන්තකයේ තබාගන්නා බවත්, එම ගිනි අවි මිලදී ගනු ලබන්නේ ගඟ බඩ ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් බවත් අනාවරණය වී ඇත.
 
ඒ අනුව කළ වැටලීමේදී එම පුද්ගලයාගේ නිවසේ වහලයේ සඟවා තිබී ගිනි අවි ඇතුළු ආයුධ සොයාගෙන ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (0)

අපරාධකරුවන්ට ආයුධ අලෙවි කළ දෙදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31943 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14399 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11212 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 15 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 272 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1219 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site