(හසිත රංග ගුණතිලක)
ආණ්ඩුව තුළ අපිට තවමත් නිසි තැනක් නොලැබී ඇතැයි පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමී මහතා පැවැසීය.
අමාත්‍යාංශවල , රාජ්‍ය දෙපාර්තමේන්තුවල සහ රාජ්‍ය සංස්ථාවල යම් වගකීමක් ආණ්ඩු පාර්ශ්වයේ සිටින පසුපෙළ මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නැයි අගමැතිවරයා ඇතුළු ඉහළ නායකයින්ට පැවැසුවද ඊට යහපත් ප්‍රතිචාරයක් මේවන තුරුත් ලැබී නැතැයි ද මන්ත්‍රීවරයා කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අපගේ රාජකාරිය වී තිබෙන්නේ මඟුල් ගෙවල් වල යාම, මළ ගෙවල් වල යාම හා පන්සල් වලට යාම පමණක්ම බවද කීවේය.
මේ රටේ පරිහානියට ප්‍රධානතම හේතුව වී ඇත්තේ දේශපාලනඥයාට වඩා රාජ්‍ය නිලධාරීන් වැජබීමට යාම යැයිද ඔහු කීය.
බත්තරමුල්ල සුහුරුපායේ අද (25) පැවැති සම්මන්ත්‍රණයකින් පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙක්ටර් අප්පුහාමී මහතා මේ බව සඳහන් කළේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අපිට ආණ්ඩුවේ නිසි තැනක් තවම නෑ - හෙක්ටර් අප්පුහාමී
llakshman Saturday, 26 January 2019 12:41 AM
තව මාස 8 ක් ඉවසන්න