IMG-LOGO

අපේක්ෂා රෝහලේ ඖෂධ හිඟය උග්‍ර වෙයි

(විනීතා එම් ගමගේ)
 
මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ හිඟය බරපතල තත්ත්වයකට පැමිණ ඇතැයි නිදහස් සෞඛ්‍ය සේවාවක් සඳහා වන ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු නිලාන් ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේය. 

මේ වනවිට එම රෝහල ආධාර මතින් පමණක් පවත්වාගෙන යන තත්ත්වයට පත්ව ඇතැයි  ද හෙතෙම චෝදනා කළේය.

වේදනා නාශක, පිළිකා නිවාරණය සඳහා වන නිත්‍ය ඖෂධ, පිළිකා රෝගීන්ගේ හදිසි හෘදයාබාධ සඳහා ලබා දෙන ඖෂධ, ප‍්‍රතිජීවක, ආසාදන වැළැක්වීම සඳහා වන ප‍්‍රතිකාර ආදී ඖෂධ විශාල ප‍්‍රමාණයක් මේ වනවිට හිඟ බවත් ඒවා ලබා ගැනීමට තරම් මුදල් නැති රෝගීන් ප‍්‍රතිකාර අතහැර මරණය දෙස බලා සිටින තත්ත්වයට  පත්ව ඇති බවත් ප‍්‍රනාන්දු මහතා කීය. 

අපේක්ෂා රෝහල නමින් නම් කළ මහරගම පිළිකා රෝහල දැන් අපේක්ෂා භංග කරන තත්ත්වයට පත්ව ඇතැයි ද ඔහු කියා සිටියේය.

පොදුවේ නිතර භාවිතා වන ඖෂධ 60 ක මිල වැඩි කිරීමට රජය ගෙන ඇති පියවර ගැන අදහස් දැක්වූ නිලාන් ප‍්‍රනාන්දු මහතා වත්මන් රජය විසින් මිල අඩු කළ බෙහෙත් වර්ග 48 හි මිල එසේ අඩු කිරීමට පෙර තිබු මට්ටමටත් වඩා මේ වනවිට වැඩි කර ඇතැයි ද කියා සිටියේය. 

මේ සම්බන්ධව ඉකුත් 15 වැනිදා නිකුත් වූ ගැසට් පත‍්‍රය අනුව මිල වැඩි කරන ලද ඖෂධ වර්ග ප‍්‍රමාණය 60 ක් වුවද එම ඖෂධ වෙළඳ නාම ලෙස ගතහොත් වර්ග 131 ක් ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය. 

පැරසිටමෝල් පෙත්තේ සිට ඉන්සියුලින් දක්වා නිතර භාවිතා වන ඖෂධ වර්ග මෙසේ මිල වැඩි කර ඇතැයි චෝදනා කළ ප‍්‍රනාන්දු මහතා දැනට සිදුවෙමින් පවතින්නේ ඖෂධ හිගයක් ඇති කරමින් කෙටිකාලීනව යළි ඖෂධ ලබාදීම යැයි ද කියා සිටියේය. 

නිලාන් ප‍්‍රනාන්දු මහතා මේ අදහස් පළ කළේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද (23) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.  
 
 



අදහස් (0)

අපේක්ෂා රෝහලේ ඖෂධ හිඟය උග්‍ර වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1396 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 515 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 597 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site