(ලලිත් නවරත්න)
වෙන්නප්පුව ප‍්‍රදේශයේ වෙල්යායක අනවසර ගොඩකිරීමක් වාර්තා කිරීමට ගිය නිදහස් මාධ්‍යවේදියකු වන ප‍්‍රසාද් පූරිණමාල් ජයමාන්න මහතාට මැර ප‍්‍රහාරයක් එල්ල කර මරණ තර්ජන එල්ල කළ බවට වෙන්නප්පුව පොලිසියට පැමිණීලි කර තිබේ.
ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ මාධ්‍යවේදී ප‍්‍රසාද් පූර්ණමාල් ප‍්‍රතිකාර සඳහා මාදම්පේ රෝහලට ඇතුළත් කර ඇත.
මෙම මැර ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ වෙන්නප්පුව ප‍්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයකුගේ පුත‍්‍රයකු සහ පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගේ සමිපතම මැරයෙකි.
මෙම වෙල්යාය වයඹ පළාත් එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත‍්‍රීවරයකුට අයත් බව පැවසෙන අතර ඔහුට මෙම අයිතිය සම්බන්ධයෙන් ලිපිලේඛන ඉදිරිපත් කිරීමට අපොහොසත් වී තිබේ.
කෙසේ වෙතත් කඹුරු ගොඩ කිරීමට නීතිමය අවසරයක්ද නැත. මෙම කඹුර ගොඩකර හෝටලයක් ඉදිකිරීමට සුදානම් බව එම ස්ථානයේ සේවය කරන සේවකයින්ගෙන් දැනගැනීමට හැකිවී ඇත.
මෙම අනවසර ගොඩකිරීම් වැළැක්වීමට හෝ ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලීසියට මෙතෙක් නොහැකි වී තිබේ.
2025 නොවැම්බර් මස 17
26
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
874
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අනවසර වෙළක් ගොඩකිරීම වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීයකුට මැර ප්රහාරයක්