(කුෂාන් ජයවරධන)
ඉපලෝගම පුලියන්කුලම වගා බිමක අනවසරෙන් ඉදිකළ විදුලි වැටක පැටලී මොණරෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වගා බිමේ හිමිකරුට රුපියල් 10,000 ක දඩයක් කැකිරාව දිසා විනිසුරු නිලන්ත විමරත්න මහතා අද (27) නියම කළේය.
විදුලි වැටේ විදුලි පරිපථය රාජසන්තක කිරීමටද කැකිරාව දිසා විනිසුරුවරයා නියෝග කළේය.
මෙසේ දඩ නියම වුයේ ඉපලෝගම පුංචිකුලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටය.
වගා බිමේ හිමිකරු අත්අඩංගුවට ගෙන කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම දඩ මුදල නියම කෙරිණි.
අනුරාධපුර වනජීවි සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.ඒස් වේරගම මහතා සහ කැකිරාව ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් වගා බිමේ හිමිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළහ.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අනවසර විදුලි වැටක් ඉදිකළ වගාබිම් හිමිකරුට දඩ
ලුම්බිණි Tuesday, 28 January 2020 02:56 AM
මීට වඩා දඬුවම් දිය යුතුයි. විශේෂයෙන් අලි මේවට අහු වෙලා මැරෙන එකට දැඩි දඬුවම් දිය යුතුයි.