IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අනවසර මැණික් කැණීම් කළ 8ක් රිමාන්ඩ්

(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්.වීරවංශ)

සමනලවැව ජලාශයේ ප‍්‍රධාන වේල්ලේ ජලය කාන්දු වන ස්ථානයට පහළ ජල මාර්ගයේ කිමිදුම් කට්ටල යොදාගෙන රාත‍්‍රී කාලයේ අනවසරෙන් මැණික් කැණීම් කළ අටදෙනෙක් මේ මස 14 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බළන්ගොඩ මහේස්ත‍්‍රාත් දුමින්ද පී මුදුන්කොටුව මහතා අද (6) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වු එස්.එම්.කේ. සෙනෙවිරත්න, එම්.ඒ.ජේ.අනුරාධ චන්‍ද්‍රසිරි, ගාල්ල, උඩුගම එස්.ජී. ක‍්‍රිශාන්ත සංජීව, බළන්ගොඩ ඉඹුල්පේ ඒ.ආර්.එල්.උදයංග, රත්නපුරේ පදිංචි එම්.ඒ.නිහාල්, එන්.එච්.අතුකෝරළ, ඒ.අයි.පීරිස් සහ පී.ඒ.දයාවංශ යන සැකකරුවෝය.

බළන්ගොඩ අඩවි වන නිලධාරී මිල්ටන් සමරසිංහ මහතාට ලද තොරතුරක අනුව අද (6)  කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

සමනලවැව ජලාශයේ වේල්ලට පහළ මොවුන් කිමිදුම් කට්ටල භාවිතා කරමින් සමනලවැව ජලාශයේ වේල්ලේ දිය කාන්දුවෙන් ගලායන ජලය එකතුවන ස්ථානයක මෙම මැණික් කැණීම සිදුකර ඇති බව පැමිණිලිකාර වන සංරක්ෂණ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.

පොලිසිය විසින් සැකකරුවන් පැමිණි ත‍්‍රිරෝද රථයක්, යතුරු පැදියක් සමඟ ඔක්සිජන් ටැංකි ද, කිමිදුම් කට්ටල සහ මැණික් කැනීමට යොදාගන්නා ගත් වට්ටි ඇතුළු උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (0)

අනවසර මැණික් කැණීම් කළ 8ක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site