(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර තුරැවිල 270 තුලානේ හේන් වල වගා කරන ලද බඩ ඉරිඟු අක්කර දහසකට අධික ප්‍රමාණයක් සේනා දළඹුවා විනාශකර දමා ඇතැයි ගොවිහු පවසති.
මේ වන විට පැසීමට ආසන්න බඩ ඉරිඟු වගාවන් රැසක් අත්හැර දමා ඇති අයුරැ එම ප්‍රදේශයේදී දක්නට ලැබුණි.
සේනා දළඹුවා මෙම ප්‍රදේශයේ විනාශකර දමා ඇති බඩ ඉරිඟු හා වෙනත් වගාවන් පිළිබඳව අදහස් දැක්වූ එම ප්‍රදේශයේ පදිංචිකාරියක වන අනුරාධපුර නැගෙනහිර ගම් පළාත් ප්‍රාදේශිය සභා මන්ත්‍රිනි නිල්මිනි කුමුදු වසන්ති මහත්මිය මෙසේ පැවසුවාය.
‘‘තුරැවිල අංක 270 තුලානේ හේන් වල වගා කර තිබූ බඩ ඉරිඟු අක්කර දහස් ගාණාක් සේනා දළඹුවා විනාශකර තිබෙනවා.මේවන විට අක්කර සිය ගාණක්ම මුලුමනින්ම අත් හැරලා තිබෙනවා.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් උපදෙස් දුන්නේ බඩ ඉරිඟු සියල්ල ගලවලා පොලොව නැවත හාරන්න කියලා.ඒත් පොලොවෙත් සේනා දළඹුවෝ ඉන්නවා.මේ විතරක් නෙවෙයි හේන් වල වගා කරලා තිබෙන සියළුම එලවලු වලත් සේනා දළඹුවා පැතිරි සිටින බවද ඇය මෙහිදි පැවසුවාය.
සේනා දළඹුවන් විසින් විනාශ කර ඇති තුරැවිල ගොවි ජනතාවගේ බඩ ඉරිඟු වගාවන් පිළිබඳව සොයා බැලීමට පැමිණි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා ගොවියෝ හමුවී කියා සිටියේ මේ විනාශය සම්බන්ධයෙන් රජය වහා මැදිහත්වී සේනා දළඹුවා ගෙන් සිදුවන හානිය නවතා දැමීමට කඩිනම් පියවරක් ගත් යුතු බවය.
එසේම විනාශවූ මෙම වගාවන් සඳහා ගොවියන්ට වන්දියක් ගෙවීමට කටයුතු කළ යුතු බවත් ඔහු මෙහිදී පැවසීය.



2025 දෙසැම්බර් මස 18
272
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනුරාධපුරේ බඩ ඉරිඟු වගාව සේනා ආක්‍රමණය කරයි