IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අනුරාධපුර නගරයේ ගම්මාන 9 ක ජනතාව නිහඬ විරෝධතාවයක

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර විහාරගම ප්‍රදේශයේ පදිංචි ගම්මාන නවයක ජනතාව තමන් පදිංචිව සිටින ඉඩම් සඳහා බිම් සවිය යටතේ ඔප්පු ලබා දෙන ලෙස ඉල්ලා අනුරාධපුර ඩි.එස්.පිළිරුව ඉදිරිපිට අද (08) නිහඬ විරෝධතාවයක නිරත වූහ.

ශ්‍රී මහ බෝධිය අනුරාධපුරයට වැඩම කරන ලද අවස්ථාවේ ශ්‍රි මහ බෝධියේ ආරක්ෂාව සහ ආවතේව භාරව සිටි බෝධි ගුප්ත පරම්පරාවෙන් පැවත ආ මෙම පිරිස මෙම ගම්මාන නවයේ ඉතා දිර්ඝ කාලයක් පදිංචිව සිටිති.

එහෙත් පරම්පරා ගණනාවක් පදිංචිව සිටියද මෙම පිරිසට මෙතෙක් එම ඉඩම් සඳහා ඔප්පු ලබා නොදීමට විරෝධය පල කරමින් ඔවුන් මෙසේ නිහඬ විරෝධතාවයක නිරත වූහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විහාර හල්මිල්ලකුලම ශ්‍රි සුගතාරාම විහාරාධිපති ගෝනගල ඤාණාලෝක හිමියන් මෙසේ පැවසුහ.

   ‘‘මෙම පිරිස දිර්ඝ කාලයක් තිස්සේ මෙම ඉඩම්වල පදිංචිව සිටිනවා.සමහර අයට ඔප්පු ලබාදී තිබෙනවා.එහෙත් දැන් විහාරගම් පනත යටතේ ඔප්පු ලබා දෙන්නේ නැහැ කියනවා.මේ අයට තමන්ගේ නිවාස හදා ගන්න ණය මුදලත් ලබා ගන්නවත් ඔප්පුවක් නැහැ.එම නිසා මේ අයට ඔප්පු ලබාදිමට රජය මැදිහත් වෙන්න කියලා අපි ඉල්ලා සිටින බව‘‘ උන් වහන්සේ මෙහිදි පැවසුහ.

ඔප්පු ලබාදීම සම්බන්ධයෙන් මෙම හිමියන් ඇතුළු පිරිසක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නායක මහතා සමඟ සාකච්ඡාවකටද එක්විය.එහිදි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කොට ඇත්තේ මෙම ඉඩම් සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කිරීමට පියවර ගන්නා බවයි.

සංවර්ධනය කර ඇති ඉඩම් සඳහා ඔප්පු ලබාදීමට ඉදිරියේදි පියවර ගන්නා බව දිස්ත්‍රික් ලේකම්වරයා විසින් මෙහිදි මෙම පිරිසට පැවසීමෙන් අනතුරුව පිරිස විසිර ගියහ.



අදහස් (0)

අනුරාධපුර නගරයේ ගම්මාන 9 ක ජනතාව නිහඬ විරෝධතාවයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site