(උපාලි ආනන්ද)
උතුරු මැද පළාත් බද මහාධිකරණයට සහ උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයට නව විනිසුරුවරුන් දෙදෙනෙකු අධිකරණ සේවා කොමිසන් සභාව මගින් පත් කර තිබේ.
ඒ අනුව උතුරු මැද පළාත් බද මහාධිකරණයේ නව විනිසුරුවරයා ලෙස සනත් ජේ මොරවක මහතා පත් කර ඇත. විනිසුරු මොරවක මහතා උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරුවරයා ලෙස පත්වීමට පෙර අම්පාර පළාත් බද මහාධිකරණ විනිසුරුවරයා ලෙස කටයුතු කළේය.
මෙතෙක් කලක් උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරුවරයා ලෙස රාජකාරි කළ සහන් මාපා බංඩාර මහතා වයඔ පළාත් බද මහාධිකරණයේ නව විනිසුරුවරයා ලෙස ස්ථාන මාරුවක් ලැබීම හේතුවෙන් මෙම නව පත් කිරීම සිදුකර ඇත.
මේ අතර මෙතෙක් කලක් වයඔ පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරුවරයා ලෙස රාජකාරි කළ මහාධිකරණ විනිසුරු සුමුදු පේ‍්‍රමචන්ද්‍ර මහතා උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ නව විනිසුරුවරයකු ලෙස පත් කරනු ලැබ තිබේ.
පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයක නඩු විභාගයට ගත යුතුව ඇත්තේ ද්වි පුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරිපිටදී වන අතර එහෙත් මෙතෙක් කලක් උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ නඩු විභාග කිරිම සිදුකරනු ලැබුවේ මහාධිකරණ විනිසුරු ගියාන් චන්ද්‍ර රණවක මහතා පමණක් ඉදිරිපිටදීය. ඒ එක් මහාධිකරණ විනිසුරුවරයෙකුගේ පුරප්පාඩුවක් පැවතීම හේතුවෙනි.
මහාධිකරණ විනිසුරු සුමුදු පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ පැමිණිමත් සමඟ මින් ඉදිරියට උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ නඩු විභාගයට ගැනෙන්නේ ද්වි පුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේය. අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ විනිසුරුවරයා ලෙස රාජකාරි කරනු ලබන්නේ ද මහාධිකරණ විනිසුරු ගියාන් චන්ද්‍ර රණවක මහතායි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අනුරාධපුරයට නව මහාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක්