IMG-LOGO

අනියම් පෙම දුරදිග ගොස් සැමියා මරා වැසිකිලි වළට දමයි

(අමදෝරු අමරජීව)
 
කාන්තාවක් තම සැමියා ඝාතනය කර වැසිකිළි වළකට දමා  තිබියදී  අද (20)  කන්තලේ වෙන්ඩ්‍රාසන්පුර  ප්‍රදේශයෙන් සොයා ගත් බව කන්තලේ පොලිසිය පවසයි.

දින ගණනාවක සිට වැසිකිලි වළකින් හමන අධික දුර්ගන්ධය ඉවසා ගැනීමට නොහැකි  වූ අසල්වාසින් 119  හදිසි දුරකථනයට දැනුම් දිමෙන් පසු සිරුර සොයා ගනු ලැබ ඇත.

අදාළ කාන්තාවගේ තිබුණූ අනියම් සම්බන්ධතාවක් දුරදිග යාමත් සමඟ ඇයගේ අනියම් සැමියා හා එක්ව මෙම ඝාතනය සිදුකර තිබේ. 
මිය ගොස් ඇත්තේ ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඉකුත් අප්‍රේල් මාසයේ දිනක අනියම් බිරිඳ සිය සැමියා රවටා වකුගඩු රෝගයට ප්‍රතිකාර කිරීමට අනියම් පුරුෂයාගේ නිවසට රැගෙන ගොස් මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
 
 



අදහස් (0)

අනියම් පෙම දුරදිග ගොස් සැමියා මරා වැසිකිලි වළට දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1401 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 517 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 598 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site