IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අන්දරගොල්ලෑව වැවේ ළිං කැපීමට නොහැකිව ගොවීන් අමාරුවේ

(දයාරත්න ඇඹෝගම)
 
ජලය නොමැතිකමින් මියයමින් පවතින පූදින ගොයම බේරාගැනීම සඳහා අන්දරගොල්ලෑව වැවේ ළිඳක් කපා ගැනීමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් අවසර නොදෙන බව හොරොව්පොතාන ගොවීහු පවසති.
 
හොරොව්පොතාන වලහවිද්දවැව අන්දරගොල්ලෑව ප්‍රදේශයේ වගා කොට ඇති කුඹුරු අක්කර 100 ක පමණ ගොයම ජලය නොමැතිවීම නිසා විනාශයට පත් වෙමින් තිබේ.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අන්දරගොල්ලෑව ගොවි සංවිධානයේ සභාපති එස්. හාජිදින් මහතා මෙසේ පැවසිය.
 
“අන්දර ගොල්ලෑව වැවේ වතුර හිඳිලා. වැව යටතේ වගා කරපු වී පැළ දැන් පූදිනවා. වතුර නැති නිසා අක්කර 25ක් විතර ප්‍රයෝජනයක් ගන්න බැරි විදියට මැරිලා ගියා. තවත් අක්කර 80ක් විතර ඉතිරි වෙලා තියෙනවා. ඒ ගොයමවත් බේරාගන්න වැවේ ළිඳක් කපලා දෙන්න කියලා හොරොව්පොතාන ඩීඕ මහත්තයාගෙන් ඉල්ලීමක් කළා. තවම අවසරයක් ලැබුණේ නැහැ.‍
 
වැවේ මීට පෙර කපපු ළිඳක් තිබෙනවා. ඒකවත් හාරා ගන්න අවසර දුන්නේ නැහැ. මේ පැත්තේ මිනිස්සු බොහොම අමාරුවෙන් මේ කුඹුරු වැපිරුවේ. කණකර පවා උකස් කළා. ණය වුණා. අඩුගානේ ණයවත් බේරගන්න පුලුවන් වෙන්නේ කුඹුරු පැහුනොත් විතරයි” 
 
මේ සම්බන්ධයෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් අසංක සෝමවංස මහතා ගෙන් කළ විමසුමේදී ඔහු මෙසේ පැවසීය.
 
“අන්දරගොල්ලෑව ගොවියන් කළ ඉල්ලීම ගැන හොරොව්පොතාන ප්‍රදේශීය ගොවිජන සංවර්ධන නිලධාරිවරයාත් අපට දැනුම්දුන්නා. සමහර ගොවියන් වැව් ඇතුළේ ළිං කැපුවට පස්සේ නවැත තිබූ පරිදි වහන්නේ නැහැ. ළිඳ කැපුවට පසු නැවත වසා දමන බවට ගොවි සංවිධානයෙන් ලිඛිතව පොරොන්දුවක් ලබා ගෙන ඉදිරිපත් කරන්න කියලා මම ගොවිජන සංවර්ධන නිලධාරිවරයාට උපදෙස් දී තිබෙනවා.                                  
වැව්වල ළිං හෑරීම සඳහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් ආධාර ලබාදීමේ වැඩ පිළිවෙළක් නැහැ. ඒ සඳහා ගොවි සංවිධානය මගින් වියදම් දැරිය යුතුයි” 

 



අදහස් (0)

අන්දරගොල්ලෑව වැවේ ළිං කැපීමට නොහැකිව ගොවීන් අමාරුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site