(ලක්ෂි කුඩලිගම)
බුලත්සිංහල වැහිමඩුව අසලදි ඊයේ (16) දින රාත්‍රියේ යතුරු පැදියක් - ලොරි රථයක ගැටීමෙන් යතුරු පැදියේ පිටුපස ගමන් කළ පුද්ගලයා මියගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ යතුරු පැදියේ පිටුපස ගමන් කළ නයිනර් ජයප්ප්‍රි නමැති පුද්ගලයකු වන අතර මොවුන් දෙදෙනා බුලත්සිංහල සිට හොරණ දෙසට යතුරු පැදිය පදවා හොරණ දෙසට ගමන් කළ ලොරි රථයකට දකුණු පසින් ඉස්සර කිරීමට යද්දී ලොරි රථයේ දකුණු පස බඳෙහි වැදීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කීය.
යතුරු පැදිය පැදවු ගීකියනකන්ද වත්ත පහළ කොට නෑබඩ යන ලිපිනයේ පදිංචි කන්නදාසන් සමන්කුමාර නැමැති තරුණයා බුලත්සිංහල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චමින්ද ද සිල්වා මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති සුසන්ත ධර්මප්‍රිය මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් පරික්ෂණ පවත්වති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අනතුරින් තරුණයෙක් මරුට