(නිමල් ජයරත්න)
දිඹුලාගල සොරුවිල මාර්ගයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් භික්ෂු බලමණ්ඩලයේ සභාපති පැලෑටියාවේ දේවමිත්තාලංකාර හිමියන් හදිසි අනතුරකට ලක්ව අපවත් වී ඇති බව අරලගංවිල පොලිසිය කියයි.
වාහනය මාර්ගයෙන් ඉවතට පැන මයිල ගසක ගැටීමෙන් සිදුව ඇති අනතුරෙන් එහි රියදුරුට ද බරපතල තුවාල ලබා මනම්පිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට මාරුකර යවා ඇති බවද පොලිසිය පවසයි.
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කළ පැලැටියාවේ දේවමිත්තාලංකාර හිමියන් අපවත්වන විට 36 වන වියෙහි පසු වූ අතර උන්වහන්සේ පුලතිසි පැවිදි හඬ සංවිධානයේ කැඳවුම්කරු ලෙස ද පළාතේ ජාතික ආගමික සාමාජිය කටයුතු වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටුකර ඇති භික්ෂුවකි.
උන්වහන්සේගේ දේහය පොළොන්නරුව මහ රෝහලේ තැන්පත් කර ඇති අතර ආදාහන පුජෝත්සවය පසුව දැනුම් දෙන බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ආදාහන පුජෝත්සව කමිටුව සඳහන් කරයි.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් මත අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.පි.ඩබ්ලිව්. ප්‍රේමලාල් මහතා ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අනතුරකින් පැළෑටියාවේ දේවමිත්තාලංකාර හිමියෝ අපවත් වෙති
chinthaka Friday, 13 March 2020 06:33 AM
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා !
Pradeep Friday, 13 March 2020 07:03 AM
ස්වාමින් වහන්සේලා දේශපාලකයින්ට කඩේ නොයා ධර්ම ප්‍රචාරක සහ ධර්ම ප්‍රවර්ධන වැඩ සටහන්වල නියලෙනවානම් වඩා හොදයි.
ravi Friday, 13 March 2020 08:07 AM
මෙහෙමහරි .. මේ බොරු / හොර බෞද්ධයෝ විනාසවෙලා යනවානම් .. මේක අපේ බුද්ධ සාසනයට වෙන විශාල සුගතියක් .
isuru Saturday, 14 March 2020 02:45 AM
ඔබ වහන්සේට නිවන්සුව අත්වේවා !