IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අනතුරකට පත් ධීවරයෙක් නිරුපද්‍රිතව ගොඩබිමට

බහුදින ධීවර යාත්‍රාවක සිටි අනතුරකට පත් රෝගියෙකු කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සඳහා හම්බන්තොට ධීවර වරාය වෙත රැගෙන ඒමට  නාවික හමුදාව සමත් වී තිබේ.
 
 පසුගියදා  ධීවර කටයුතු සඳහා ගාල්ල ධීවර වරායෙන් සංඛ  I නැමැති මෙම බහුදින ධීවර යාත්‍රාව නික්ම ‍ගොස් ඇති අතර, එහි සිටි ධීවරයෙකු හදිසියේ අනතුරකට පත්වී ඇති බැව් කොළඹ, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශ මඟින් නාවික හමුදාවට දැනුම් දීමෙන් අනතුරුව දකුණු නාවික විධානයට අනුයුක්ත මුර සංචාරක වේග ප්‍රහාරක යාත්‍රාවක් එහි යවා ධීවරයා නිරුපද්‍රිතව ගොඩට ගෙන ඒමට නාවික හමුදාව සමත්ව ඇත.
 
 සංගමන්  කන්ද  ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 84 ක  පමණ දුරකදී එම රෝගීයා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත නංවා ගෙන ප්‍රථමාධාර පහසුකම් ලබා දෙමින්  නිරුපද්‍රිතව හම්බන්තොට ධීවර වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කෙරිණි.  

 

(36698)



අදහස් (0)

අනතුරකට පත් ධීවරයෙක් නිරුපද්‍රිතව ගොඩබිමට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 236 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 980 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site