(අනීෂා මානගේ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුකරන අගුණකොළපෑලැස්ස ජඳුර ප්‍රදේශයේ පිහිටි ගල්වැඩපලකින් සොරකම් කළැයි කියන රුපියල් 118,000කට අධික වටිනාකමකින් යුතු භාණ්ඩ තොගයක් ද සමඟ එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු සැකපිට අද(14) අත්අඩංගුවට ගත් බව අඟුණකොළපැලැස්ස පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජඳුර පදිංචි 20 හැවිරිදි සහ 30 දෙහැවිරිදි එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු බව පොලිස් නිලධාරීහු කියති.
මෙම ග්ලවැඩපල චීන සමාගමකට අයත් වැඩපලක් බවද පොලිසිය පවසයි.
ගල්වැඩපලේ කාමරයක් කඩා ඊයේ(13) රාත්‍රී මෙම භාණ්ඩ සොරකම් කර ඇති බවට අඟුණකොළපෑලැස්ස පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබිණි.
චීනයෙන් ගෙන්වන ලද ජල මෝටරයක්, ග්‍රීස් විදිනයක්, ෆ්ලෑෂ් බල්බ තුනක්, යාන්ත්‍රික වැඩ සඳහා උපයෝගී කරගන්නා විශාල ප්‍රමාණයේ යතුරු 13ක් මෙලෙස සැකකරුවන්ගේ නිවසෙහි සඟවා තිබියදී පොලිස් නිලධාරීහු සොයාගත්හ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අධිවේගී මාර්ගයේ වැඩබිමකින් භාණ්ඩ සොරකම් කළ අයියා-මලෝ අත්අඩංගුවට