(දිලීප් ජයසේකර)
මත්තල - මාතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ වල්සපුගල ප්‍රදේශයේ අධිවේගී මාර්ගයට වන අලි ඇතුළුවීම වැළැක්වීම සඳහා ඉදිකර ඇති විදුලිවැටෙහි කම්බි කපා සොරාගත් කොන්ත්‍රාත් සමාගමක සේවකයකු අද(09) අත්අඩංගුවට ගත් බව සූරියවැව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සූරියවැව වල්සපුගල සුරනිමලගම පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට පත් සැකකරු දහවල් කාලයේ කොන්ත්‍රාත් සමාගමේ විදුලි වැටෙහි කම්බි සවිකරන්නෙකු ලෙස කටයුතු කර ඇති බවත්, රාත්‍රී කාලයේ නැවත ඔහු හොර රහසේ අධිවේගී මාර්ගයට ඇතුළු වී එම සවිකරන ලද කම්බි තැනින් තැන කපා ගොස් අලෙවි කර ඇති බවත් ප්‍රශ්නකිරීම්වලදි අනාවරණය වී තිබේ.
දක්ෂිණ අධිවේගි මාර්ගයට වන අලි ඇතුළුවීම වැළැක්වීම සඳහා මාර්ගය දෙපස විදුලි වැටක් ඉදිකර ඇති අතර ඊට යොදා ඇති කම්බි අවස්ථා කිහිපයකදීම කිසියම් අයෙකු කපාගෙන ගොස් ඇති බවට කොන්ත්‍රාත් සමාගමේ ක්ෂේත්‍ර නිලධාරියෙකු ඊයේ (08) සූරියවැව පොලීසියට පැමිණිලි කර තිබුණි.
පොලීසියට කළ විමර්ශනවලදී අධිවේගී මාර්ගයේ දෙපස සවි කර තිබූ රුපියල් 56,400ක් වටිනා කම්බි තොගයක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු කලක් තිස්සේ මෙම කටයුතු කර ඇතිද යන්න පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.
සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

2025 දෙසැම්බර් මස 18
30
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිවේගී මාර්ගයේ කම්බි කැපූවැයි වැඩබිමේ සේවකයෙක් අත්අඩංගුවට
Chammi Nethranjali yalagala Thursday, 10 October 2019 03:56 PM
රටේ සම්පත් අවභාවිතය කරන්නාට දැඩි දඬුවම් පැමිණවිය යුතුයි.