(කේ.බුද්ධික කුමාරසිරි )
අධිකරණ නියෝග පැහැර හැරීම සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරිය බාධා කිරීම ඇතුළු චෝදනා 04 ක් යටතේ මීගොඩ පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගත් මීගොඩ ආර්ථික මධ්‍යස්තානයේ ව්‍යපාරිකයෙකු හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි මස 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම මහේස්ත‍්‍රාත් නිලූපුලි ලංකාපුර මහත්මිය අද (24) දින නියෝග කළාය
අදාල ව්‍යාපාරිකයා විසින් පවත්වාගෙන යනු ලබන මීගොඩ ඕවිටිගම ප‍්‍රදේශයේ පිහිටි ගබඩාවක තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු මුම්බයි ලූූණු සහ අර්තාපල් කිලෝ තුන් දහසක් හෝමාගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් තම භාරයට ගෙන එම තොග විනාශ කිරීමට අධිකරණ නියෝග රැගෙන එන අතරතුර අදාල පරිභෝජනයට නුසුදුසු අර්තාපල් සහ තොග එම ව්‍යාපාරිකයා විසින් නැවත විකිණිමට කටයුතු කර තිබිණි.
අදාල පරීක්ෂණ කටයුතු සිදු කිරීමට ගිය නිළදාරීන්ගේ රාජකාරියට බාධා කිරීම පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය විකිණිම සහ එලෙ ආහාර විකිණිම මගින් කොවිඞ් 19 වෛරසය ව්‍යාප්තියට කටයුතු කිරීම යන චෝදනා යටතේ සැකකරුට එරෙහිව මීගොඩ පොලිසිය මගින් අධිකරණය වෙත කරුණු දක්වන ලදී
එහිදි දෙපාර්ශවයේම කරුණු පැහැදිලි කිරීම් පිළිබදව අවධානය යොමු කල මහේස්ත‍්‍රාත්වරිය විසින් සැකකර වයාපාරිකයා මැයි මස 05 දින දක්වා රක්සිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කලාය
මීගොඩ පොලිසිය වෙනුවෙන් පොලිස් සැරයන් සුසන්ත මහතා පැමිනිල්ල ඉදිරිපත් කරන ලදී
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අධිකරණ නියෝගය පැහැර හැරි වෙළෙන්දා රක්ෂිත බන්ධනාගාරයට