(ඩී.ජී.සුගතපාල)
අධිකරණය මගින් ධීවර කටයුතුවල යෙදීම තහනම් කර තිබූ බහුදින යාත්‍රාවක් ධීවර කටයුතුවල යෙදී සිටියදී ධීවරයින් හත්දෙනෙකු සමඟ අද (05) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ගාල්ල වරාය වෙත ගෙනන ලදී.
“තනූජ 3“ නමැති මෙම ධීවර යාත්‍රාව නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව ධීවර කටයුතුවල යෙදීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් පනවා තිබියදී එම තහනම නොතකා පසුගිය 25වන දින ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් තිබිණි.
මුර සංචාරයේ යෙදී සිටි දක්ෂිණ නාවික හමුදා කඳවුරේ නාවිකයින් පිරිසක් කරන ලද සෝදිසියකදී මෙම බහුදින යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇත.
ධීවරයින් සහ යාත්‍රාව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරාය පොලිසිය වෙත බාර දීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
15
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
599
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අධිකරණ නියෝගය නොතකා මුහුදු ගිය 7ක් යාත්‍රාව සමඟ අල්ලයි