IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අධිකරණ නියෝගය කඩ කරමින් සිප්පි කටු ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙන්නෙක් අත්අඩංගුවට

( කාංචන කුමාර ආරියදාස)


අධිකරණ නියෝගයකින් වෙන්දේසි වූ සිප්පිකටු තොඟයක් කුලියාපිටියට ප්‍රවාහනය කිරීමේදී දඹුල්ල පොලිස් බල ප්‍රදේශය පසු කරද්දී එහි අධිකරණ නියෝගයට වඩා කිලෝ 6680 ක් වැඩිපුර ප්‍රවාහනය කිරීමේ චෝදනාව යටතේ පුද්ගලයන් දෙදෙනෙකු ලොරි රථයක් සමඟ සැකපිට දඹුල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.


මීට මාස කිහිපයකට ඉහතදී බලපත්‍ර කිසිවක් නොමැතිව මුහුදු වැලි සමඟ ලබාගන්නා කුකුල් ආහාර වලට යොදා ගන්නා සිප්පිකටු තොගයක් කන්තලේ පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන කන්තලේ  මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි 


ඒවා මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයක් පරිදි රාජසන්තක කිරීමෙන් පසු පසුගියදා වෙන්දේසි  කර ඇත. එම වෙන්දේසියේදී  සිප්පිකටු  තොගය  ව්‍යාපාරිකයෙකු විසින් ලබාගෙන කුලියාපිටිය ප්‍රදේශයේ කුකුල් ගොවිපලක් වෙත ප්‍රවාහනය කර තිබේ.


දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාට ලැබුණු තොරතුර කියැවී ඇත්තේ අධිකරණ නියෝගය සහ  පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතත් ධීවර හා ජලජ සම්පත් පනත උල්ලංඝණය කරමින් මෙම ලොරි රථයේ සිප්පිකටු   බලපත්‍රයේ ඇති ප්‍රමාණයට වඩා  කිලෝ අට දහස් හයසිය අසූවක් වැඩිපුර ප්‍රවාහනය කරන බවය.


ඒ අනුව අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී මෙම ලොරි රථයේ සිප්පිකටු මලු 450ක ඇසුරුම් කර කිලෝ 31180 ක් තිබුණු බවත් ඒ සඳහා පතල් හා ඛනිජ ද්‍රව්‍ය ප්‍රවාහන බලපත්‍රය හිමිව ඇත්තේ කිලෝ 22500කට  බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා පැවසීය.



අදහස් (0)

අධිකරණ නියෝගය කඩ කරමින් සිප්පි කටු ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙන්නෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site