(ආනන්ද ඉ ජයකොඩි)
කොරෝනා ආරක්ෂිත ඇඳුමකින් සැරසී වේයන්ගොඩ නගරයේ විවෘත කොට තිබෙන වෙළඳ හලකට පැමිණ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිළධාරියෙකු ලෙස පෙනී සිටිමින් බලපත්‍ර පරීක්ෂා කළ බව කියන සැකකාර හමුදා සෙබළෙකු මේ මස 22 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය අද (09) නියෝග කළාය.
වේයන්ගොඩ බැවන්වත්ත පදිංචි ජේ ඒ ලහිරු සම්පත් නැමැත්තෙකු එසේ රිමාන්ඩ් කෙරිණි.
මොහු රාගම රෝහලේ මානසික රෝග පිළිබඳ වෛද්‍ය වරයෙකු වෙත ඉදිරිපත් කොට ඒ පිළිබඳ වෛද්‍ය වාර්තාව ඊළග දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන් හට නියෝග කළාය.
එම නියෝගය මහර බන්ධනාගාර අධිකාරී වරයා මගින් ක්‍රියාත්මක කිරීමට ද නියෝග කෙරෙිණි..
කොරෝනා ආරක්ෂිත ඇඳුමකින් සැරසී සැකකරු පෙරේදා (08) දහවල් වේයන්ගොඩ නගරයේ විවෘතව තිබෙන වෙළඳ හලකට පැමිණ තමන් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ නිළධාරියෙකු බව පවසා විවෘතව තැබීමේ බලපත්‍රය පරීක්ෂා කිරීමට ඉල්ලා සිටි අවස්ථාවේ වෙළඳ හලේ හිමිකරුට සැක සිතී ස්වයංක්‍රිය යතුරකින් වෙළෙඳ හලේ දොර වසා වේයන්ගොඩ පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ මොහු අත් අඩංගුවට ගෙන තිබිණ.
සැකකරු ආදායම් බදු නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් වෙළඳ හලට පැමිණ බලපත්‍ර පරීක්ෂා කිරීමට ඉල්ලා ඇති බවත් මොහු ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු නොවන බවත් හමුදා සේවයේ යෙදී සිටින අයෙකු බවටත් පරීක්ෂණ වලදී හෙළි වී ඇති බව සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් වේයන්ගොඩ පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් කේ ඒ ඒ නන්දසිරි මහතා කරුණු දක්වමින් කියා සිටියේය.
නැවත කැදවීම මේ මස 22 වනදාට කල් තැබිණ.
වේයන්ගොඩ පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් කේ ඒ ඒ නන්දසිරි මහතා පැමිණිල්ල මෙහෙය විය.
2025 නොවැම්බර් මස 04
574
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අදායම්බදු නිලධාරියෙක් ලෙස පැමිණ වෙළෙදසැල් පරීක්ෂා කළ හමුදා සෙබළා රිමාන්ඩ්