(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වාද්දුව- මොල්ලිගොඩ මහා විහාර පාරේ ව්‍යාපාරික නිවසක මුළුතැන්ගෙය වහළයේ උලු කැට ඉවත් කරමින් අලුත්වැඩියා කටයුත්තක නිරතව සිටි පුද්ගලයකු ජීව අත්බෝම්බයක් පිපිරීයාමෙන් බරපතල තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කළ බව වාද්දුව පොලිසිය කියයි.
අනතුරින් තුවාල ලබා ඇත්තේ පොගොද්දරමුල්ල පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.
අදාළ පුද්ගලයා වහළයට නැග උලු එකින් එක ලබා දීමේදී ඉටි බෑගයක බහා ප්ලාස්ටික් කෝප්පයක දමා තිබූ ජීව අත් බෝම්බ දැක එය අතට ගෙන එහි පින් එක ගැළවීමට උත්සාහ කිරීමේදී අත් බෝම්බය පිපිරී ඇති බව සිදු කළ පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත.
තුවාල ලද පුද්ගලයාගේ ඇඟිලි තුනක් වෙන්ව ඇතැයි පොලිසිය කියයි. ඔහුව ශල්‍ය කර්මයකට ලක් කිරීමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අත් බෝම්බයක් පිපිරී පුද්ගලයෙක්ට තුවාල