IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


අතුරුදන් වු පුද්ගලයකුගේ සිරුරක් ඩෙවෝන් ඇලෙන් හමුවෙයි

රංජිත් රාජපක්ෂ

දින තුනකට ප්‍රථම අතුරුදන් වු පුද්ගලයකුගේ මළ සිරුර අද (24) දින ඩෙවොන් දිය ඇල්ලට ජලය ගලා බසිනා ඩෙවොන් ඇලේ තිබි හමු වු බව දිඹුල පොලිසිය පැවසිය.

මෙසේ හමු වි ඇත්තේ කොටගල ගංගාපුරම් ජනපදයේ පදිංචිව සිටි සෙල්වමුත්තු දුරෙයිරාජා නැමති (71) හැවිරිදි අයගේ සිරුරයි.

ජිවිතක්ෂයට පත් පුද්ගලයා මිට දින තුනකට ප්‍රථම ලිපියක් ලියා තබා නිවසින් බැහැර ගොස් ඇති බවත්, මේ පිලිබදව දිඹුල පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව මරණකරුගේ ඥාතිහු පවසති.


මිය ගිය පුද්ගලයාගේ නිවස ආසන්නයේම ඩෙවොන් ඇල ගලා බසින අතර සිරුර ඔහු පදිංචිව සිටි නිවස ආසන්නයේ ඩෙවොන් ඇල්ලට ජලය ගලා බසිනා ඩෙවොන් ඇලේ වලක තිබි සොයාගෙන ඇත.

සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා කොටගල ප්‍රාදේශිය රෝහල වෙත යවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පොලිසිය පරික්ෂණ පවත්වයි.
 



අදහස් (0)

අතුරුදන් වු පුද්ගලයකුගේ සිරුරක් ඩෙවෝන් ඇලෙන් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 780 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2424 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site