(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි)
පුත්තලම සාලියවැව පොලිස් වසමට අයත් නීලබැම්ම ඕලුමඩුව ප්‍රදේශයේ අභිරහස් ලෙස අතුරුදන් වූ බව කියන සිව් හැවිරිදි ඩබ්ලිව්.ජී.තෙනුරි තිසාරා (4) දැරිය සොයා අද (02) පෙරවරුවේ දී විශේෂ පොලිස් මෙහෙයුමක් ආරම්භ කළ බව සාලියවැව පොලීසිය පවසයි.
මේ සඳහා පුත්තලම පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයන් පිරිසක් ද එක්ව සිටින බවත් පොලීසිය සඳහන් කරයි.
පුත්තලම පොලිස් අධිකාරි ජේ.ඒ.චන්ද්‍රෙස්න මහතාගේ උපදෙස් හා අධීක්ෂණය මත මෙම මෙහෙයුම සිදුකෙරේ.
ඒ අනුව මෙම විශේෂ පොලිස් කණ්ඩායම අතුරුදන් දැරිය පදිංචිව සිටි නිවසට නුදුරින් පිහිටි කලාඔය හා විල්පත්තු රක්ෂිත තුළ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සදහා දුෂ්කර ගමනකයෙදෙන අයුරු දැක ගතහැකි විය.
ඉකුත් 30 වන දින දැරිය අතුරුදන් වී ඇති බවට වාර්තා විය. නමුත් අද (02) දහවල් වනවිටත් දැරිය සම්බන්ධයෙන් තොරතුරක් ලැබී නොතිබුණි.




2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අතුරුදන් වූ දැරිය සොයා විශේෂ මෙහෙයුමක්
Situli Saturday, 02 February 2019 10:13 AM
දරුවා සොයා ගන්න උදව් කරන්න