(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම නානට්ටාන් ප්‍රදේශයේ දින 7ක් පුරාවට අතුරුදන් වූ තරුණයකුගේ මළ සිරුරක් කැලෑවක තිබී හමු වූ බව මුරුන්ගන් පොලීසිය පවසයි.
නානට්ටාන් ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ඇන්ටෝනිස් නිමාල් නැමති තරුණයා නානට්ටාන් ප්‍රාදේශීය සභාවේ ක්ෂේත්‍ර නිලධාරීයකු වශයෙන් සේවය කර ඇත.
පසුගිය 14 වැනිදා රාජකාරි කටයුත්තක් වෙනුවෙන් නිවසින් පිටව ගොස් ඇති අතර නමුත් ඔහු නිවසට නොපැමිණීමෙන් ඔහුගේ බිරිඳ විසින් මුරුන්ගන් පොලිසියට පැමිණිලි කර තිබේ.
තරුණයා මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් මන්නාරම් රෝහලේ තැන්පත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මුරුන්ගන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අතුරුදන් වූ තරුණයකුගේ සිරුරක් කැළෑවකින් හමුවෙයි