(රොමේෂ් මධුෂංඛ)
යුද සමයේ උතුරේ අතුරුදන් වුවන් සම්ම්බන්ධයෙන් පිළිගතහැකි විසඳුමක් ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් විසින් අාරම්භ කරන ලද සත්‍යග්‍රහයට දින 366 ක් ගත වී ඇතැත් මෙතෙක් කිසිදු විසඳුමක් නැතැයි පවසමින් ඔවුහු අද (08) මුලතිව් දිස්ත්‍රික් කාර්යාලය ඉදිරිපිටදී කළුපටි බැඳ විරෝධතාවයක් ඇරැඹුහ.
මුලතිව්හි ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට වසරක් ගෙවීම නිමිත්තෙන් එයට සහය ලබාදීමක් වශයෙන් වව්නියාව, කිලිනොච්චිය,යාපනය හා මන්නාරම් යන දිස්ත්‍රීක්කයන්හි අතුරුදන් වූවන්ගේ ඥාතීහු රැසක්ද අද (08) ආරම්භ කෙරුණ කළුපටි විරෝධතාවට එක් වුහ.
පැවති රජයට මේ වනතුරු අතුරුදන් වූවන් වෙනුවෙන් විසඳුමක් ලබා දීමට නොහැකි වුවා සේ වත්මන් රජයද බලයට පත් වීමට පෙර තම ගැටලු විසඳන බවට වූ පොරොන්දුව මෙතෙක් ඉටු නොවීම මගින් වත්මන් රජය ගැන හෝ දෙමළ දේශපාලඥයින් ගැනද විශ්වාසයක් තැබීමට නොහැකි බවත් එම නිසා මෙම ගැටලුවට ජාත්‍යන්තරය හෝ මැදිහත් වී රජයට බලපෑමක් කොට පිළිගත හැකි විසඳුමක් ලබා දිය යුතු බවත් විරෝධතාකරුවෝ පවසති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘අතුරුදන්වුවන්ට නිසි විසඳුම් දෙන්න‘ - ඥාතීන් කළුපටි බැඳ විරෝධතාවක
Lapaya Thursday, 08 March 2018 08:20 AM
රජයට මේ ගැන කරන්න දෙයක් නැහැ. අතුරුදහන් අය ගැන අහන්න ඕනේ බටහිර රටවල් වලින් සහ ප්‍රභාකරන්ගෙන් නැතුව සිංහලයන් ගෙන් නෙමෙයි. අතුරුදහන් භාගයක් දැන් ඉන්නේ බටහිර රටවල් වල. ආණ්ඩුවෙන් ගානක් කඩා ගන්න පුලුවන්ද කියල තමයි මේ බලන්නේ.
amila Thursday, 08 March 2018 09:40 AM
ඒ ඇයි කළුපටි රතුපටි බැඳගෙන එන්නකෝ පුරුදු පරිදි.