IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


අත්බෝම්බ 2ක් පාදුක්කේ ගෙවත්තකට දමා ගිහින්

(කේ.බුද්ධික කුමාරසිරි සහ එච්.එස්. ඒ. නන්දන)
 
පාදුක්ක බෝපේ ගමගේවත්ත ප‍්‍රදේශයේ නිවසක ගෙමිදුලට කිසිවකු අත් බෝම්බ දෙකක් දමා ගොස් තිබියදී අද (05) සොයා ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.
 
එක් අත් බෝම්බයක් උදෑසන 10.00 ට පමණද අනෙක් අත් බෝම්බය දහවල් 1 .00ටද ගෙමිදුලට විසිකර ඇතැයි අනාවරණය වී ඇති අතර, එක් අත් බෝම්බයක ආරක්ෂිත යතුර කැඩී ගොස් ඇතැයිද පොලිසිය පවසයි.
 
තම ගෙමිදුලට කිසිවෙකු දෙවරකදී අත් බෝම්බ දමා ගිය බවට ඉඩමෙහි අයිතිකරුවන්ගෙන් ලද පැමිණිල්ලක් කර ඇත. පාදුක්ක පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් එම අත් බෝම්බ පිළිබඳව පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.
 
බෝම්බ නිෂ්කී‍්‍රය අංශයේ නිලධාරීන් කැඳවා අත් බෝම්බ දෙක සම්බන්ධයෙන් පරීක්ෂණ කරන බවද පාදුක්ක පොලිසිය කියයි.
 
අත් බෝම්බ දෙක ගෙවත්තට දමා ගොස් ඇත්තේ, දේශපාලන කටයුත්තක් හේතුවෙන්ද, නැතහොත් පෞද්ගලික අමනාපකමක් හේතුවෙන්දැයි පිළිබදව පරීක්ෂණ පවත්වන බවද පොලිසිය පවසයි.



අදහස් (0)

අත්බෝම්බ 2ක් පාදුක්කේ ගෙවත්තකට දමා ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32072 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14538 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11250 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 37 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 297 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1246 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site