ශ්රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගන්නා ලද ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 13 ක් යළි එරටට භාර දුන් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
මෙම ට්‍රෝලර් යාත්‍රා කරෛයිනගර්, ශ්‍රී ලංකා නාවික නෞකා එළාර සහ නච්චිකුඩා, ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයෙහි කිරන්චි අනුඛණ්ඩයට අයත් ජැටියන්හි නැංගුරම් ලා තිබූ අතර, එම ධීවර යාත්‍රා අලුත්වැඩියා කිරීම සඳහා ඉන්දි ඉංජිනේරුවන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ එම කටයුතු සිදු කිරීමෙන් පසු එම යාත්‍රා ගමන් ඇරැඹිය.
එම ට්‍රෝලර් ධීවර යාත්‍රා භාර දීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රාවක් එක් විය.
කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘අමේයා’ නෞකාව වෙත භාර දීමට කටයුතු කෙරිණි.
(36698)
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අත්අඩංගුවේ තිබූ තවත් ට්‍රෝලර් යාත්‍රා 13 ක් ඉන්දියාවට