(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා අපරික්ෂාකාරී ලෙස මෝටර් රථය ධාවනය කර, චෝදනා 5කට වරදකරුවෙකු වු පුද්ගලයකුට රුපියල් 95,000 දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (29) නියෝග කළේය.
බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඔලුගන්තොට ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයකුට මෙලෙස දඩ නියම විය.
බීමතින් රිය පැදවීම, අපරික්ෂාරී රිය ධාවනය, වලංගු රක්ෂණ සහතිකයක් නොමැති වීම, ආදායම් බලපත්‍රයක් නොමැති වීම සහ රියැදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය යන චෝදනා යටතේ මොහු වැරදිකරු විය.
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි බලන්ගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ඉකුත් 26 දා එම මාර්ගයේ ධාවනය කළ මෙම මෝටර් රථය නැවැත්වීමට සංඥා කර තිබිණි. අණ නොතැකූ එහි රියදුරු රථය අතුරු මාර්ගයක දමා පලායාමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේදී නිලධාරීන්ව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
බලන්ගොඩ පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති ඩි.එන්.එල්.සේනානායක මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ නිමන්ත (70664 ) මෙම රියැදුරු බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අණ නොතකා රිය ධාවනය කළ අයෙකුට දඩ
Harshan chanaka Wednesday, 20 April 2022 05:10 PM
අණ නොතකා ධාවනය කරාට කොච්චර දඩ ගහනවද.?