IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අඩු බර සහල් ඇසුරුම් කළ ගබඩාවක් වටලයි

සිතුම් චතුරංග

         

අඩු බර ප‍්‍රමාණයෙන් යුත් සහල් සහ පැරණි සහල් ඇසුරුම් කරමින් සිටි වවුනියාව නෙලූක්කුලම ප‍්‍රදේශයේ වී ගබඩාවක් වැටලීමට වවුනියාව පාරිභෝගික සේවා අධිකාරිය අද (10) සමත්වූහ.

දින වෙනස් කර පැරණි සහල් අලෙවි කරන ස්ථානයක් පිළිබඳ වවුනියාව පරිභෝගික සේවා අධිකාරිය වෙත ලැබුණු පැමිණිලි කිහිපයක් මත සිදුකළ වැටලීමකදී සහල් තොගය සොයාගැනීමට හැකිව තිබේ.

වී ගබඩාව තුළ තිබී වෙනත් ප‍්‍රදේශයෙන් රැගෙන ආ පැරණි සහල් තොගයක් ද හමුවූ බවත් එම සහල් දින වෙනස්කර නැවත ඇසුරුම් කිරීමෙන් පසුව අලෙවි කිරීමට සකස් කරමින් තිබූ බව වවුනියාව පරිභෝගික සේවා අධිකාරිය පැවසීය.

වවුනියාව පාරිභෝගික සේවා අධිකාරියේ ස්ථාන භාර නිලධාරී එස්. නිලන්තන් මහතා පවසා සිටියේ විවිධ වෙළඳ නාමයන් යටතේ පැරණි සහල් ඇසුරුම් කර අදාළ වී ගබඩාවෙන් වෙළෙඳපොළ වෙත අලෙවි කර ඇති බවයි.

මෙම සහල් නිෂ්පාදන ක‍්‍රියාවලිය දීර්ඝ කාලයක සිට සිදුකර ගෙනවිත් ඇති බවද පැවසීය.

අත්අඩංගුවටගත් සහල් තොගය වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

අඩු බර සහල් ඇසුරුම් කළ ගබඩාවක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site