බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට පත්වී කන්කසන්තුරය ප්‍රදේශයට කිලෝ මීටර් 280ක් උතුරින් පිහිටා ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එය තවදුරටත් ඈතට ගමන් කරමින් පවති. බැවින් වැසි සහිත කාලගුණ තත්ත්වය, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ ඉදිරි දින කිහිපයේදී ක්‍රමයෙන් අඩුවනු ඇත.
නමුත් ශ්‍රී ලංකාවේ නිරිත දිග ප්‍රදේශයේ වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවේ. එසේම තද සුළං සහිත කාලගුණ තත්ත්වය විශේෂයෙන් ශ්‍රී ලංකාවට අවට මුහුදු ප්‍රදේශවල තවදුරටත් පවතිනු ඇත.
උතුරු, වයඹ, බස්නාහිර, මධ්‍යම, දකුණු සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
අනෙකුත් ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.
උතුරු මුහුදු ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ. සෙසු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැයට කිලෝ මීටර් 50 ක් පමණ වන නමුත්. සුළං වේගය විටෙක පැයට කිලෝ මීටර් 60-70 පමණ දක්වා ඉහළ යා හැකියි.
ඉහත පද්ධතිය හා සබැදිව පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන්, ශ්‍රී ලංකාව වටා වන මුහුදු ප්‍රදේශ වල ක්ෂණිකව සුළං වේගය පැයට කිලෝ මීටර් 80-90 පමණ ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එවිට එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අඩු පීඩනය අවපාතයක් වේ
සුසන්ත Wednesday, 18 May 2016 04:54 AM
ආණ්ඩුවත් පරෙස්සමෙන්! ලොකු දේශපාලන කුණාටුවක් අත ළඟම වගේ (නි)