IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


අටුළුගම පුද්ගලයින් 20 ක් පී සී ආර් පරීක්ෂණයට

(බිමල් ශ්‍යාමන්  ජයසිංහ )

කොරෝනා වයිරසය ආසාදිත තත්ත්වයට පත් ව අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබන අටුලුගම මාරාව උප තැපැල් ස්ථානාධිපතිනිය ඇතුළු පවුලේ අය පදිංචි නිවස අවට වෙසෙන පුද්ගලයන් විසි දෙනෙකු අද(21)  පි සී ආර් පරීක්ෂනයට භාජනය කළ බව කළුතර දිස්ත්‍රික්   ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය .

පිරිමින් සහ කාන්තාවන් ගෙන් සමන්විත එම පිරිස අහබු ලෙස තෝරා ගත් බව අධ්‍යක්ෂක වරයා කීය.
 රෝගී තත්ත්වයට පත් උප තැපැල් ස්ථානාධිපතිනිය ඇතුළු පවුලේ සාමාජිකයින්  පස් දෙනෙකු මේ වන විටත් අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙක් පැවැසීය. 

උප තැපැල් ස්ථානාධිපතිනියගේ පුතෙකු ඉකුත් මස 17 දින ඩුබායි රටට ගොස් මෙරට පැමිණීමෙන් අනතුරු  ඔහු රෝගී තත්ත්වයට පත් වීමෙන් පසු රෝහල් ගත කළ අතර එදින සිට 31  දක්වා සිව් දිනක් තුළ පවුලේ සෙසු සාමාජිකයන් රෝග ලක් රෝග ලක්ෂණ පහළ පහළ කිරීම හේතුවෙන් රෝහල් ගත කෙරිණි.

මේ හේතුවෙන් ඉකුත් මස  28 වෙනිදා සිට මෙම මස 17 දින දක්වා අටලුගම ගම්මාන හතක් හුදකලා තත්ත්වයට පත් කෙරේ .



අදහස් (0)

අටුළුගම පුද්ගලයින් 20 ක් පී සී ආර් පරීක්ෂණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 803 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2452 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site