IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අග්‍රා ඔය පිටාර ගැලීමෙන් ඩයගම යටවෙයි

(ශාන්ත චන්ද්‍රසිරි)

නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ආගරපතන ඩයගම ප්‍රදේශයට අද (25) සවස ඇද හැලුණු අධික වර්ෂාවෙන් පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇත.

එම ප්‍රදේශවල ජීවත් වන ජනතාව මේ හේතුවෙන් පීඩාවට පත්ව ඇත.

අග්‍රා ඔය පිටාර ගැලීමෙන් මෙම ජල ගැලීම් තත්ත්වය හට ගෙන පැවැති අතර මේ හේතුවෙන් ඩයගම බටහිර වතුයායේ අංක තුන කොටස ජලයෙන් යටවී තිබේ.

එම ප්‍රදේශයේ නිවාස දෙකක්ද ජලයෙන් යටවී ඇති අතර කෝවිල් භූමිය හා මාර්ගය සම්පුර්ණයෙන් ජලයෙන් යටවී පැවැතිණි.

එම ප්‍රදේශයේ එළවළු වගා බිම් රැසක් ජලයෙන් යටවී සම්පුර්ණයෙන්ම විනාශ වී ඇත.

අග්‍රා ඔය දෙපස පදිංචි ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස ඩයගම පොලිසිය උපදෙස් ලබා දී තිබේ.

 

 

 

 



අදහස් (0)

අග්‍රා ඔය පිටාර ගැලීමෙන් ඩයගම යටවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site