(කතරගම එම්.කේ. නන්දසේන)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතරගම උත්සවයකට පැමිණි හෙලිකොප්ටර් යානයේ සුළං පහරට මැණික් ගඟ ඉවුරේ ගසක අත්තක් කඩා වැටී මැණික්ගඟේ දියනාමින් සිටි පිරිමියෙකු සහ කාන්තාවක තුවාල ලබා අද (03දා) පෙරවරු 8.30 ට පමණ කතරගම දිසා රෝහල වෙත ඇතුලත් කෙරිණි.
මෙසේ තුවාල ලබා රෝහල් ගතකලේ මාතර ප්‍රදේශයේ සිට වන්දනාවේ පැමිණ දියනාමින් සිටි ජී.එල්.ඒ.ජගත්සිරි (53) සහ ගාල්ල පෙරුමගේ කරුණාසීලි (64) නැමති දෙදෙනාය.
රුපියල් ලක්ෂ 745 ක වියදමින් අභිනවයෙන් ඉදිකල කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අද (03) පෙරවරු 9.00 ට විවෘත කිරිමට නියමිතව තිබුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
කතරගම ගංගාරාම විශ්‍රාමශාලාව අසල ගුවන් අංගනයට අග්‍රාමාත්‍යවරයා බස්සවා නැවත ඉන්ධන ලබාගැනීම සඳහා ගුවන් ගතකරන අතරවාරයේ ගඟ ඉවුරේ තිබු ගසක අත්තක් මෙලෙස කඩා වැටී ඇතිබව කියයි.
කතරගම පොලිසිය මෙිපිළිබදව පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
15
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
599
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අගමැති පැමිණි හෙලි කොප්ටරයේ සුළං පහරට ගසක අත්තක් කැඩී දෙදෙනෙකුට තුවාල
Raveendra Saturday, 03 August 2019 07:27 AM
අපරාදේ ගහ සහ අහිංසක මිනිසුන් දෙදෙනා .