IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අකුරණ ප්‍රා. සභාවේ ගාලගෝට්ටියක්

(මොහොමඩ් ආසික්)
 
 
අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපති අයි.එම්.ඉස්තිහාර් මහතා ගෙනා යෝජනාවක් නිසා අද (12)  පැවැති අකුරණ ප්‍රාදේශීය සභා මාසික මහ සභා රැස්වීම ගාලගොට්ටියක් බවට පත්වීමෙන් පසු සභාපතිවරයාට සභාව කල් තැබිණි.
 
අකුරණ නගරයේ පිහිටි වෙළඳ සංකීර්ණය කඩා නව වෙළඳ සංකීර්ණයක් සෑදීමට ඉදිරිපත් කර තිබූ යෝජනාවට  මුදල් නොලැබීම සම්බන්ධයෙන් මෙම ගාලගෝට්ටිය හට ගැණිනි.
 
වසර 40 ක් පමණ පැරණි අකුරණ වෙළඳ සංකීර්ණය සම්පුර්ණයෙන් කඩා ඉවත්කර ඒ වෙනුවට නවීන පහසුකම්වලින් සමන්විත වර්තමානයට ගැළපෙන ආකාරයට  වෙළඳ සංකීර්ණයක් නිර්මාණය කිරීම සඳහා තීරණය වී තිබිණි. 
 
එම නිසා  වෙළඳ සංකීර්ණය තුල තිබූ කාර්යාල බැංකු මෙන්ම වෙළඳ සැල්ද ඉවත් කිරීමට පියවර ගත් අතර වැඩි ප්‍රමාණයක් ඉවත් කර ගෙන තිබේ. මේ නිසා සභාවට ලැබුණු රුපියල ලක්ෂ 15 කට වැඩි වාර්ෂික ආදායමක් සභාවට අහිමි වී තිබේ. 
 
මේ සියල්ල සැළකිල්ලට ගෙන මෙම ගොඩනැගිල්ල අලුත්වැඩියා කර නැවත කුලියට දී ආදායමක් උපයා ගැනීමට  සභාපතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කළ බව සභාපතිවරයා කීය.
 
කෙසේ නමුත් මෙම යෝජනාවට විරුද්ධත්වය ප්‍රකාශ කළ එජාපය ඇතැම් මන්‍ත්‍රීවරුන් ප්‍රකාශ කළේ මෙම වෙළඳ සංකීර්ණ සඳහා මුදල් ලබාදෙන බවට කැබිනට් ඇමැතිවරුන් පොරොන්දු වී ඇත.
 
මේ අවස්ථාවේ ආණ්ඩු විපක්ෂයේ  මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කෑ කෝ ගැසීම නිසා සභාව පවත්වාගෙන යාමට නොහැකිව සභාව කල් තැබීමට සභාපතිවරයා පියවර ගැණිනි.


 
 



අදහස් (0)

අකුරණ ප්‍රා. සභාවේ ගාලගෝට්ටියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 185 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site