(රවී ලියනගේ)
ආබාධිත රණවිරුවන් ඇතුළු සියලු රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ජීවිතාන්තය තෙක් ලබාදෙන ලෙස රජයට බල කරමින් අක්මීමන ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අද(17) විරෝධතා පුවරු රැගෙන මාසික රැස්වීමට පැමිණියහ.
සභාපති සේන කළහෙවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මාසික සභා රැස්වීම පැවැත්විණි.
මන්ත්‍රීවරු අටදෙනෙක් පමණ විරෝධතා පුවරු රැගෙන මාසික සභා රැස්වීමට පැමිණියහ.
සභා රැස්වීමේදී අදහස් දක්වමින් ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී සංජීව සම්පත් මහතා මෙසේ පැවැසීය.
“මාතෘ භුමිය රැක ගැනීමට කැපවී ක්‍රියාකළ රණවිරුවන් සහ ආබාධිත රණවිරුවන් තමන්ට විශ්‍රාම වැටුප ලබා දෙන ලෙස සාධාරණ ඉල්ලීමක් කරනවා. ඔවුන්ගේ ඉල්ලීමට සාධාරණයක් රජය විසින් වහා ඉටු කළ යුතුයි” යැයි හෙතෙම කීවේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අක්මීමන ප්‍රා. සබේ මන්ත්‍රීවරු විරෝධයක