(ටෝනි කරුණානායක)
මීගමුව කුට්ටිදුව වෙරළේ දී අකුණු සැර වැදීමෙන් මියගිය ධීවරයාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය අද (21) පවත්වන බව මිගමුව පොලිසිය පවසයි.

ධාරානිපාත වර්ෂාවත් සමඟ ඇති වු අකුණු සැර වැදීමෙන් කොච්චිකඩේ පෝරුතොට
පදිංචි 47 හැවිරිදිමොහොමඩ් සවුජර් නැමැති 5 දරු පියකු මෙලෙස මිය ගොස් තිබේ.
මියගිය මරණකරු මුහුදු ගොස් මාලු අල්ලා ගෙන ගොඩබිමට පැමිණ සිටින අවස්ථාවේ මෙසේ අකුණු සැර වැදි ඇති අතර අකුණු සැර වැදීමෙන් කම්පනයට පත් තවත් ධීවරයින් දෙදෙනකුව මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.