IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරන්න කටයුතු කරනවා‘

(මුදිතා දයානන්ද)

අපේ පාලනයක් යටතේ 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්න කටයුතු කරනවා යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (05) පැවසීය.

ඔහු මේ බව පැවසූයේ බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඡන්දේ දිපු අය තමයි අපිත්. ඒත් මේකේ තියෙන වගන්ති වල එකකින් කියන දේ තව එකකින් බලරහිත වෙනවා. එහෙමත් නැත්නම් එකකට එකක් පරස්පරයි.

 කොහොම හැදුවද කියලා අපිටත් තේරෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට බලය තියෙන්නේ වසර හතර හමාරකට පසුව කියලා එක තැනක තියෙද්දී තව තැනක තියෙනවා ඒ කෙසේ වුවද අර්බුදයක් ඇති වුණ  ඕනම මෙහොතක ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලයක් තිබෙනවා කියලා.

ඒ නිසා තමයි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ. මොකක් වුණත් මේ ව්‍යවස්ථාවේ ගැටලූ සහගත තැන් බොහොමයක් තිබෙන නිසා අපේ පාලනයක් යටතේ එය අහෝසි කරන්න කටයුතු කරනවා.



අදහස් (0)

‘19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරන්න කටයුතු කරනවා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site