(නිමල කොඩිතුවක්කු)
රටේ අධිකරණය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරමින් නිදහස් සමාජයක් කරා රට ගෙනයන වැඩපිළිවෙළට සහයෝගය ලබා නොදෙන ආසන සංවිධායකවරුන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි පියවර ගන්නා බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී අද (11) පැවැසීය.
රට ගොඩනගන වැඩපිළිවෙළට සහයෝගය පළ කිරීම එක්සත් ජාතික පෙරමුනේ සියලූම ආසන සංවිධායකවරුන්ගේ වගකීම යැයිද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවැසූවේ එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් පත්කිරීමේ අවස්ථාවට කොළඹ අරලියගහමන්දිරයේදි එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.
‘‘එක්සත් ජාතික පක්ෂයේ නව ප‍්‍රතිසංවිධානය ආරම්භ කරලා පළවෙනි කන්ඩායම විදියට අලූත් සංවිධායකවරුන් හය දෙනා පත්කළා.
අලූතින් එකතු වෙලා වැඩ කරන්න කැමති මේ සියලූම දෙනාටම මම ස්තූති වන්ත වෙනවා.
අපි දැන් විශේෂයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ ආරම්භ කරලා ඒ හැටියට බලවේග සියල්ලම එකතු කරගෙන ඉදිරියට යනවා. මම මිට ඉස්සෙල්ලත් මේ ගැන ප‍්‍රකාශ කරලා තියෙනවා. එහි වැඩපිළිවෙළ අපි ඉදිරියටම ගෙනියනවා.
එම සටනට සූදානම් වීම තමයි දැන් කරගෙන යන්නේ. මේ රටට නිදහස් සමාජයක් වුවමනානම්, මේ රටේ ප‍්‍රාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමට වුවමනානම්, මේ රටේ අධිකරණය ආරක්ෂා කරනවනම් මේ පෙරමුණෙන් තමයි ඒක සිදුවෙන්නේ කියලා මම කියනවා. ඒ වගේම මම බළාපොරොත්තු වෙනවා අපේ සංවිධායකවරුන් ඇතුලූ අනිකුත් සියලූම දෙනාම මේ අනුව වැඩකටයුතු කරාවි කියලා. වැඩකටයුතු නොකරනවනම් අපි ඒ පිළිබ`දවත් පියවර ගන්නවා’’ යැයිද එහු එහිදී සඳහන් කළේය.
2025 ඔක්තෝබර් මස 08
1238
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1205
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
441
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘ සහයෝගය නොදෙන ආසන සංවිධායකවරු සම්බන්ධයෙන් ඉදිරියේදී පියවර ගන්නවා‘