IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘‘සාමය ගොඩනැගීමේදී තරුණ සහභාගීත්වය වැදගත්‘‘

සාමය ගොඩනැගීමේදී තරුණ සහභාගීත්වය ඉතා වැදගත් යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ තරුණ නියෝජිතවරිය වන ජයත්මා වික්‍රමනායක මෙනෙවිය අද (14) ප්‍රකාශ කළාය. 

දේශපාලනයේදී මෙන්ම අනෙකුත් අංශවලදී ද තරුණ සහභාගීත්වය අත්‍යවශ්‍ය සහ වැදගත් කරුණක් බව පෙන්වාදුන් ඇය තරුණ තරුණියන්ට අවස්ථා උදා කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නාය.

     “තරුණ ස්ථානීයකරණය 2030 එක්සත් ජාතීන්ගේ යෞවන උපායමාර්ගය” යන මාතෘකාව යටතේ කොළඹදී පැවැති සංවාදයකට එක්වෙමින් ඇය එම කරුණු සඳහන් කළාය. 

‘ආදිල් බාකීර් මාකර්’ පදනම මෙම සංවාදය සංවිධානය කර තිබිණි.

එක්සත් ජාතීන්ගේ යෞවන උපායමාර්ගය “තරුණ ස්ථානීයකරණය 2030 එක්සත් ජාතීන්ගේ යෞවන උපායමාර්ගය” නම් කර ඇත. ගෝලීයව සකසන එම උපායමාර්ගය එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල, විවිධ සමාජ, ආර්ථික හා සංස්කෘතික ප්‍රජාවලට ගැලපෙන අයුරින් සකස් කිරීම තරුණ ස්ථානීයකරණය යනුවෙන් නම් කර ඇත.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතාගේ තරුණ කටයුතු පිළිබඳ නියෝජිතයා වන ජයත්මා වික්‍රමනායක මෙනෙවිය මෙහිදි ලෝ පුරා තරුණ ප්‍රජාව මුහුණ දෙන කරුණු රැසක් සම්බන්ධයෙන් අදහස් දැක්වූවාය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇය අධ්‍යාපනයට වෙන් කරන මුදල වර්තමානයේදී වෙන් කරන මුදලට වඩා වැඩි කළ යුතු බව පෙන්වාදුන් අතර විශ්ව විද්‍යාලවලට ඇතුළත් වන පිරිස සහ උසස් අධ්‍යාපනයට ප්‍රවේශ වීමට ඇති අවස්ථා වැඩි කළ යුතු බව ද කීවාය. අධ්‍යාපන අවස්ථා වැඩි කරන අතරවාරයේදී අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩි කළ යුතු බව ද ඇය එහිදි පෙන්වා දුන්නාය.

තරුණයන්ගේ කුසලතා වර්ධනය, පන්ති කාමරයෙන් ඔබ්බට ගිය අධ්‍යාපනය හා අධ්‍යාපනික ක්‍රම සම්බන්ධයෙන් ඇය මෙහිදි අදහස් දැක්වූවාය.

බොහෝ රටවල් වර්තමානය වනවිට තරුණයන්ට අවස්ථා උදා කරමින් සිටි බව පැවැසූ ඇය ඇතැම් අවස්ථාවලදී තරුණයන්ට ලබා දෙන අවස්ථා සීමා වීම නිසා තරුණ තරුණියන් අධෛර්යට ලක්වී ඇති බවත් ඇතැම් තරුණ කොටස් වෙනස් කොට සැලකීම්වලට ගොදුරු වී ඇති බවත් පෙන්වා දුන්නාය. 

තරුණයන් මුහුණ දෙන විරැකියා අර්බුදය, දරිද්‍රතාව, ප්‍රචණ්ඩත්වය, හිංසනය, අවස්ථා අහිමි වීම සම්බන්ධයෙන් ඇය මෙහිදි අදහස් පළ කළාය.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළ තරුණ තරුණියන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

055

 

 



අදහස් (0)

‘‘සාමය ගොඩනැගීමේදී තරුණ සහභාගීත්වය වැදගත්‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16881 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 663 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site