IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘විපක්ෂ නායක ධූරයත් ෆෙඩරල් වාදය යටතතේම තියා ගැනීම අරමුණයි’


 
 
(නිමල කොඩිතුවක්කු)       
    

ෆෙඩරල් බලයට යටවූ අගමැතිවරයෙක්  පත් කරගන්නා ගමන්ම විපක්ෂ නායක තනතුරත්  ෆෙඩරල් වාදය යටතේම තියාගැනීම දෙමළ ජාතික සන්ධානයේ අරමුණ වී ඇතැයි  යුතුකම ජාතික සංවිධානයේ  සභාපති ගෙවිදු කුමාරතුංග මහතා කොළඹදි අද (2) පැවැසීය.


පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම ෆෙඩරල්වාදී, බෙදුම්වාදී ඉල්ලිමේ  රූකඩයක් බවට පත්කර තම අවශ්‍යතා ඉටු කරගැනීම දෙමළ ජාතික සන්ධානය ඇතුළු පිරිස්වල අරමුණ බවත් කුමාරතුංග මහතා සඳහන් කළේය.


යුතුකම ජාතික සංවිධානය තුම්මුල්ල සම්බුද්ධ ජයන්ති මන්දිරයේ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ගෙවිදු කුමාරතුංග මහතා මෙසේද කීය.


 ‘‘එක්සත් ජාතික පෙරමුණේ අයෙකුට අගමැතිධුරය ලබා දෙන ලෙසට දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රිවරුන් 14ක අත්සන් සහිතව  ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර  තිබෙනවා. එක්සත් ජාතික පෙරමුණ පුන පුනා කියනවා ඒ අයට බහුතරය තියෙනවා කියලා. බහුතරය  තියෙනවා නම් ඇයි මේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් ජනාධිපතිවරයාට ලිපියක් බාර දුන්නේ කියලා අපි අහනවා.


මේ ව්‍යාකූල 19 වැනි ආණ්ඩුක‍්‍රම සංශෝධනය නිසා අවුරුදු හතරහමාරක් යනකම් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව  විසුරුවා හරින්න බැහැ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය  යම් හෙයකින් තීරණය කලොත් සිද්ධ වෙන එකම  කාරණය තමයි ආණ්ඩුවක් නැති තත්වයකට මේ රට පත්වීමයි. මේකට මේ රටේ ජනතාව  ඉඩදිය යුතුද යන්න කියන එක  තමයි අද අප හමුවේ තියෙන ප‍්‍රශ්නය.


දෙමළ ජාතික සන්ධානය් මේ ගැටලූව  විසදන්න හදන්නේ  තමන් එක්සත්  ජාතික පක්ෂයේ අයකුට අගමැතිධුරය දෙනවට එකඟයි කියලා.  ඔක්තෝබර් 26 වැනි දා පෙර තත්වයකට  යන්න කියලා ඔවුන් එම ලිපියෙන් යෝජනා කරනවා.


ඔක්තෝබර් 26 වැනි දාට පෙර තිබුණේ සම්මුතිවාදී ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවේ පාර්ශවකරුවකු වන එක්සත් ජනතා සන්ධානය එම ආණ්ඩුවෙන්  ඉවත් වුණා. ඒ නිසා කාටවත් බැහැ රට ඔක්තොබර් 26 ට පෙර පැවති තත්වයට යන්න.


ෆෙඩරල් වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක් එක්ක එකතු වෙලා ආණ්ඩුවක් හදන්න එක්සත් ජාතික පක්ෂය සහ ජාතික හෙළ උරුමය එකඟද කියළා අපි දන්නේ නැහැ.



අදහස් (0)

‘විපක්ෂ නායක ධූරයත් ෆෙඩරල් වාදය යටතතේම තියා ගැනීම අරමුණයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site