IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


විදේශ බලවේග පරදවමු

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාලන කාලය අවසන් කර මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිවරයා ලෙස පත්කර ගනිමින් ආරම්භ කළ මෙම රාජ්‍ය පාලන ක‍්‍රමය රට පැත්තෙන් බලන විට රටට හිතකර ඉතාම හොඳ දෙයක් යැයි යුතුකම පදනමේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා අද (18) පැවසීය.


පසුගියදා පාර්ලිමේන්තුව තුළ සිදුවු ක‍්‍රියාවන්ට වඩා විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ ආකාරය හා ඊට අනුකූල වු කරුණු අශෝබන බවත් මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දෙවිවරුන්ගේ ක‍්‍රියාකලාපයද? යන්න ප‍්‍රශ්න කළ ගෙවිඳු කුමාරතුංග මහතා මෙවැනි තත්වයක් තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැර මේ සඳහා විසඳුමක් ලබාදීමට ජනතාවට අවස්ථාවක් ලබාදෙන්නැයි ඉල්ලීමක් ද කළේය.


‘විදේශ බලවේග පරදවමු - මව්බිමට අලූත් ගමනක්’ යන තේමාව යටතේ කොළඹ 07 බෞද්ධ මන්දිරයේ පැවැත්වු මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ගෙවිඳු කුමාරතුංග මහතා එසේ පැවසීය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ගෙවිඳු කුමාරතුංග මහතා මෙසේ ද  පැවසීය.


ජාතික රජයක ප‍්‍රධාන පක්‍ෂය ඉන් ඉවත් වු වහාම එම රජය විසිරී යනවා. ප‍්‍රධාන පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වු පසුව ආණ්ඩුව පවත්වාගෙන යෑමේ සදාචාරාත්මක අයිතියක් අනිත් පක්‍ෂයට නැති වෙනවා. මේ තත්ත්වය යටතේ ඇත්ත වශයෙන්ම සිදුවිය යුතුව තිබුණේ එක්සත් ජාතික පක්‍ෂය රජයෙන් ද රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ද ඉවත්වීමයි. නමුත් එය සිදුනොවීම තමයි මෙම ප‍්‍රශ්නය ඇතිවීමට ප‍්‍රධාන හේතුව ලෙස අපි දකින්නේ. 
 



අදහස් (0)

විදේශ බලවේග පරදවමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16833 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 654 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site