IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘යුක්තිය ඉටුකරනවා නම් කතානායකවරයා ජම්පරය අඳින්න ඕන නෑ’

නාලක සංජීව දහනායක
 
යුක්තිය ඉටුකරන්නේ නම් කතානායකවරයාට ජම්පරය ඇඳීමේ කිසිඳු අවශ්‍යතාවයක් ඇති නොවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (29) පැවැසීය.


නමුත් කතානායකවරයා අයුක්තියට වැඩ කරන බැවින් ඔහුට නිතර ජම්පරය මතක්වනවා ඇතැයි ද මන්ත‍්‍රීවරයා කීය.


එහිදී මන්ත‍්‍රීවරයා මෙසේ ද පැවැසීය.


අලූත් සන්ධානයකින් පුළුල් සන්ධානයකින් මහා මැතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්‍ෂය සඳහන් කරනවා. ඔය කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය හා තවත් සුළු පක්‍ෂ එකතුකරගෙන එක්සත් ජාතික පක්‍ෂය හදන සන්ධානයක් ගැනයි. මේ දවස්වල පාර්ලිමේන්තුවේ තියෙන්නෙත් ඔය සන්ධානයමයි. ඒ නිසා  ඕක අලූත් සන්ධානයක් නෙවෙයි. 


මේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක වෙන්නේ කොතනින්ද කියල මුළු රටම දන්නවා. අද එක්සත් ජාතික පක්‍ෂය පාලනය කරන්නෙත් ද්‍රවිඩ ජාතික සන්ධානයයි. ඒ ගොල්ල මොන හවුලකට ගියත් කමක් නැහැ. අපිට ඉක්මණින්ම මැතිවරණයක්  ඕනෑ.


යුක්තිය ඉටුකර ජම්පරය වුනත් අඳින්න තමන් සූදානම් බව කතානායකවරයා කියා තිබුණා. යුත්තිය, සාධාරණය ඉටුකරනවානම් මොකටද ජම්පර අඳින්නේ. අයුක්තියට වැඩකරන නිසා කතානායකවරයාට ජම්පරය මතක් වෙනවා ඇති. කවදාවත් පාර්ලිමේන්තුවට හිස් න්‍යාය පත‍්‍රයක් ආවේ නැහැ. 


නමුත් පසුගිය 14 වැනිදා සිට අද දක්වාම පාර්ලිමේන්තුව රැස්වෙන්නේ න්‍යාය පත‍්‍රයක් නැතුවයි. නියමාකාරයෙන් පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයක් සකස් කරන තුරු අපි පාර්ලිමේන්තුවට යන්නෙත් නැහැ. පාර්ලිමේන්තුවෙන් කන්නෙත් නැතැයි ද මන්ත‍්‍රීවරයා කීය.


කොළඹ, මල් පාරේ පිහිටි අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (29) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (0)

‘යුක්තිය ඉටුකරනවා නම් කතානායකවරයා ජම්පරය අඳින්න ඕන නෑ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 426 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16828 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 651 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site