IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


මරණ දණ්ඩනය නියම වූවන් දහස ඉක්මවයි

(විනීතා එම් ගමගේ)
 
 
මරණීය දණ්ඩනය නියම වූ රැඳවියන් හා මරණීය දණ්ඩනයට ලක්ව අභියාචනා ඉදිරිපත් කර ඇති රැඳවියන් 1299 කට දෙසැම්බර් 31 වැනි දා වනවිට මෙරට බන්ධනාගාර තුළ සිටින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.
 
ඒ අතර පිරිමි පුද්ගලයින් 1215 දෙනෙකු හා  කාන්තාවන් 84 දෙනෙකු සිටින බව බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා අධිකරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
 
එම රැඳවියන් අතරින් පිරිමි රැඳවියන් 789 දෙනෙකු හා කාන්තා රැඳවියන් 34 දෙනෙකු තමන්ට නියම කර ඇති මරණ දඬුවම සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
 
ස්ථිර වශයෙන්ම මරණීය දණ්ඩනය නියම කර ඇති රැඳවියන් 476 දෙනෙකු සිටින බවත් ඒ අතර පිරිමි පුද්ගලයින් 426 දෙනෙකු හා කාන්තාවන් 50 දෙනෙකු සිටින බවත් ඔහු වැඩිදුරටත් කීය.



අදහස් (0)

මරණ දණ්ඩනය නියම වූවන් දහස ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1236 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1202 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site