IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘මිනිසුන්ගේ මනසේ සාමය ගොඩනැගීමට ලෝකය අසමත් වෙලා’

හර්ෂණ තුෂාර සිල්වා

විද්‍යාව හා තාක්ෂණය කොතරම් දියුණු වුවත් ආර්ථිකය කොතරම් වේගයෙන් වර්ධනය වුවත් මිනිසුන්ගේ මනස් තුළ සාමය ගොඩනැගීමට ලෝකය අසමත්ව ඇතැයි ආචාර්ය නියංගොඩ විජිතසිරි සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක  හිමියෝ අද (27) ප්‍රකාශ කළහ. 

අද ලෝකයේ හැමතැනම ගැටුම් ඇති වී ඇතැයි ද මේ සෑම ගැටලුවකටම බුදු දහමේ ඉගැන්වීම්වලින් විසඳුම් ලබා දී ඇතැයි ද අනුනායක  හිමියෝ කීහ.

අන්තර්ජාතික ථේරවාදී බෞද්ධ විශ්ව විද්‍යාල සංගමයේ පස්වැනි ජාත්‍යන්තර සමුළුවේ ආරම්භක සැසියේ දේශනයක් කරමින් අනුනායක  හිමියෝ එම කරුණු සඳහන් කළහ. 

ආචාර්ය නියංගොඩ විජිතසිරි සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක  හිමියෝ එහිදි මෙසේ ද කීහ.

“අපි අද ජීවත් වෙන්නේ වේගයෙන් ආර්ථිකය වර්ධනය වන ලෝකයක. අපි අද ජීවත් වෙන්නේ විද්‍යාව සහ තාක්ෂණය වේගයෙන්, ශීඝ්‍රයෙන් දියුණුවන සංවර්ධනය වන ලෝකයක. විද්‍යාව හා තාක්ෂණය දියුණු වුවත්, ආර්ථිකය වර්ධනය වුවත් අපේ මනස්වල සාමය ගොඩනැගී නැහැ. සාමය මනස තුළට ගෙන ඒමට නොහැකි වී තිබෙනවා. අද ලෝකයේ බොහෝ තැන්වල ගැටුම් සිදුවෙනවා. විවිධ ජාතීන්, රට රටවල්, පුද්ගලයන් මෙන්ම පවුල් තුළත් පවුල් අතරත් ගැටුම් තියෙනවා අපට දකින්න පුළුවන්. මේ ප්‍රශ්නවලට පැහැදිලි විසඳුම් බුදුදහම විසින් ලබා දී තිබෙනවා. මේ සම්මේලනය මෙන්ම ජාත්‍යන්තර ථේරවාද බෞද්ධ විශ්ව විද්‍යාලවල සංවිධානයත් ථේරවාද බුදු දහම ආරක්ෂා කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරමින් ඉන්නවා. අප සියලු දෙනාට ද ථේරවාද බුදු දහම ආරක්ෂා කරගැනීමේ වගකීමක් තිබෙනවා. ඒ අනුව අන්තර්ජාතික ථේරවාදී බෞද්ධ විශ්ව විද්‍යාල සංගමයේ පස්වැනි ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ලැබීම අප ලද මහඟු භාග්‍යයක් හා අවස්ථාවක්”.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි නායක හිමි උත්සව සභාවේ පිළිගැනීම කතාව කළහ.  

සිතගු විශ්ව විද්‍යාලයේ කුලපති සහ මියන්මාරයේ සුජින් නිකායේ අනු සංඝනායක අශීන් ඤානිස්සර හිමි ද මෙහිදි දේශනයක් කළහ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදි අශීන් ඤානිස්සර හිමියන්ට විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වූ අතර ඤානිස්සර හිමියෝ ජනාධිපතිවරයා බුද්ධ ප්‍රතිමාවක් පිළිගැන්වූහ.

මෙම අවස්ථාවේදී සිතගු විශ්ව විද්‍යාලයේ කුලපති සහ මියන්මාරයේ සුජින් නිකායේ අනු සංඝනායක අශීන් ඤානිස්සර හිමියෝ අන්තර්ජාතික ථේරවාදී බෞද්ධ විශ්ව විද්‍යාල සංගමයේ පස්වැනි ජාත්‍යන්තර සමුළුවට එක්සත් ජනපද ඩොලර් 50,000ක මුදලක් ද ප්‍රදානය කළහ.

වරකාගොඩ ඤානරතන අස්ගිරි මහා නිකායේ මහනායක, නාපාන පේමසිරි රාමඤ්ඤ මහා නිකායේ මහනායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යානී සාමග්‍රී ධර්ම මහ සංඝ සභාවේ මහනායක, අග්ගමහ පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අමරපුර උත්තරීතර මහ නිකායේ උත්තරීතර මහනායක යන මහනායක හිමිවරුන්, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි නායක හිමි, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති කනත්තෙගොඩ සද්ධාරතන හිමි, ජාත්‍යන්තර ථෙරවාදී බෞද්ධ සංගමයේ විධායක ලේකම් කම්මායි ධම්මස්සාමි හිමි ඇතුළු මහ සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු ගිහි පාර්ශවය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා

 

 



අදහස් (0)

‘මිනිසුන්ගේ මනසේ සාමය ගොඩනැගීමට ලෝකය අසමත් වෙලා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site