IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘මෙතෙක් සිටි ජනාධිපතිවරුන්ට වඩා වත්මන් ජනාධිපතිට ප්‍රසාදය වැඩියි‘

(මුදිතා දයානන්ද )
 
මෙතෙක් කල් හිටපු ජනාධිපතිවරු සියලු දෙනාට වඩා විශාල ජනතා ප‍්‍රසාදයක් වත්මන් ජනාධිපතිට ලැබී තිබෙනවා. ඒ මත්ද්‍රව්‍ය වලට එරෙහිව ගෙන යන ක‍්‍රියමාර්ග නිසා යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (27)  පැවසීය.
 
ඔහු මෙසේ පැවසූයේ විපක්ෂනායක කාර්යාලයේදි පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් වන අතර තවදුරටත් ඔහු මෙසේද පැවසීය.
 
මාර්තු 08 වෙනිදා මහනුවර කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන පළමු රැළිය පැවැත්වෙනවා. මේක පළමු රැළිය වන්නේ විපක්ෂ නායක කම දිනාගෙන පවත්වන පළමු රැළිය නිසයි. අපි පනස් දෙදෙනෙකුගෙන් පටන් අරන් මන්ත‍්‍රීවරු සංඛ්‍යාව අනූව සීය වුණත් අපි දිගටම සටන් කළේ විපක්ෂ නායක කමටයි.
 
ඒක අපිට දැන් ලැබී තිබෙනවා. ඒ නිසා සැබෑ විපක්ෂනායක ධූරයක් දිනාගෙන මහනුවර පැවැත්වෙන පළමු රැළිය තමයි අපි මාර්තු 08 පවත්වන්නේ.
 
2015 සිටම මේ රටේ තිබුණේ විකෘති ආණ්ඩුවක්. ආණ්ඩුව ඇතුලේ විශාල ගැටුම්. 19 ව්‍යවස්ථා සංශෝධනය අයිසින් යොදා ගෙන අසූචි ගොඩක්. මේක ගෙනාවේ එක පවුලක් ඉලක්ක කරගෙන. ඊට පස්සේ ව්‍යවස්ථා සභාවක් ඇති කළා. සුජාත බබා කිය කියා අගමැති හන්දි ගාණේ ගිහින් කියන්නේ ඒ ගැනයි.
 
මෙය නියෝජනය කරන්නේ විවිධ පක්ෂ හා සංවිධාන වලින් වුණත් එහි සිටින්නේ එකම කඳවුරක් නියෝජනය කරන අයයි. ස්වාධීන මැතිවරණ කොමිසම දින නියමයක් නැතිව මැතිවරන කල් දමන්න ඉඩ හැර තිබෙනවා. ජනතා පරමාධිපත්‍ය බලයට ඉඩක් නැති කරලා. කොහොමද ඒක ස්වාධීන වෙන්නේ?



අදහස් (0)

‘මෙතෙක් සිටි ජනාධිපතිවරුන්ට වඩා වත්මන් ජනාධිපතිට ප්‍රසාදය වැඩියි‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16884 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 663 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site