IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘පළාත් මැතිවරණය පවත්වන දිනය ගැන තනිව තීරණය කරන්න බැහැ‘

(නිමල කොඩිතුවක්කු)


පළාත් සභා මැතිවරණය පවත්වන දිනය විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන්ට  තනිව තීරණය කළ නොහැකි බවත්  ඒ සඳහා  පක්ෂ සියල්ලෙම එකඟතාවක් අවශ්‍ය බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය.
 
පළාත් සභා ඡන්දය පවත්වන ආකාරය සම්බන්ධයෙන්ද  පක්ෂ සියල්ල සාමූහිකව තීරණය කළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
 
අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව කියා සිටියේ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරීන් දැනුම්වත් කිරීමේ හමුවකට එක්වෙමිනි.
 
එහීදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.


”පළාත් සභා ක‍්‍රමය මෙරට මුලින්ම ඇති කරන විට එයට දැඩි විරෝධයක් එල්ල වුණා. රටපුරා විශාල නොසන්සුන්තාවයක් ඇතිකරලා විනාශයක් කළා.


පසු එම කණ්ඩායම් විසින් එය පිළිගෙන පළාත් සභා මැතිවරණවලට තරග කරලා මන්ත‍්‍රීවරුන් වුණා. ඒක හොඳයි. අපිත් බලාපොරොත්තු වුණේ එයයි.
 
1987 සිට පළාත් සභා මැතිවරණය එකම දිනයක පැවැත්වූවා. පසුව ඉකුත් ආණ්ඩු විසින් තම වාසිය තකා කොටස් වශයෙන් පළාත් සභා මැතිවරණ පැවැත්වීමට කටයුතු කළා.
 
කොටස් වශයෙන් මැතිවරණ පැවැත්වීම නිසා ඇති වූ බරපතළම ඛේදවාචකය නම්, රාජ්‍ය බලය පැවැති ආණ්ඩුව ඒ සඳහා උපරිමයෙන්ම රාජ්‍ය සම්පත්, රාජ්‍ය මාධ්‍ය භාවිතා කිරීමට ක‍්‍රියා කරමින් දූෂිත මැතිවරණ පැවැත්වීමයි.


අපි ඒ නිසා පළාත් සභා මැතිවරණ එකම දිනකදී පවත්වන බවට පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී ප‍්‍රතිපත්ති ප‍්‍රකාශවලට ඇතුළත් කළා. ජනතාව අපේ ප‍්‍රතිප්තතිය පිළිගෙන එයට අනුමැතිය ලබාදුන්නා. දැන් අපි ඒ පොරොන්දුව ඉටු කරනවා.


පළාත් පාලන මැතිවරණය නව ක‍්‍රමය අනුව පැවැත්වීම හේතුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිසි පරිදි නියෝජනය වුනේ නැහැ.  එහි විශාල වරදක් තිබුනා. එහි දී බහුතරයේ නියෝජනය විද්‍යාමාන නොවී සුළුතරය විද්‍යාමාන වුණා.
 
ගාල්ල මහ නගර සභාව ජයග‍්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂයට නගර සභාවේ බලය අහිමිවීම එයට හොඳම උදාහරණයක්. පළාත් සභා සඳහා නව ක‍්‍රමයට මැතිවරණය පැවැත්වීමේ පනත ගෙන ආවද එහි විශාල අඩුපාඩු තිබිට හැකියි.
 
2015 සිට 2018 අවසානය දක්වා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව තිබුණා. එනිසා ඔවුන්ගේ මතය අනුව ක‍්‍රියා කරල තියෙන්නේ. විවිධ දේශපාලන පක්ෂ රැසකගේ අදහස් අරගෙන ලිපි ගොනු විශාල ප‍්‍රමාණයක් සකස් කර තියෙනවා. එහි විවිධ අඩුපාඩු රැසක් පවතිනවා.


දැන් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මම එම ලිපිගොනු අධ්‍යයනය කරමින් මෙම ප‍්‍රශ්නයට පිළිතුරු සෙවීමට ක‍්‍රියා කරනවා. විෂයභාර අමාත්‍යවරයා තමා වුවද, මට මගේ තනිමතය අනුව ක‍්‍රියා කිරීමට හැකියාවක් නැහැ.
 
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රධාන පිළිගත් දේශපාලන පක්ෂවල එකඟතාවය මත මෙම ප‍්‍රශ්නය විසදීමට කඩිනමින් ක‍්‍රියා කරනවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ අදහස් දෙමළ ජාතික සන්ධානයේ අදහස් අතුළු සියලූම දේශපාලන පක්ෂවල අදහස් සහ යෝජනා මෙහිදී වැදගත් වෙනවා.
 
 ඒ අනුව ඔවුන්ගේ එකඟතාවය මත නව ක‍්‍රමවේදයකට ඡන්දය පවත්වන්නේද? නැතහොත් පැරණි ක‍්‍රමයට ජන්දය පවත්වන්නේද? යන්න තීරණය කරනවා. ඉන් අනතුරුව රටේ සියලූ පළාත් සභාවල ඡන්දය එකවර පැවැත්වීමට කටයුතු කරනවා” 



අදහස් (0)

‘පළාත් මැතිවරණය පවත්වන දිනය ගැන තනිව තීරණය කරන්න බැහැ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16881 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 663 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site