IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


‘පාසල් 350 කට පළමු ශ්‍රේණියට අයදුම්පත් ලැබී නෑ’

(නිමල කොඩිතුවක්කු)
 
 
පළමු වසරට ළමුන් ඇතුළත් කර ගැනිමේදී රටේ පවතින පාසල් 10,162 ක් අතරින් පාසල් 350 ක් සඳහා මේ වසරේදී කිසිදු අයදුම් පත‍්‍රයක් ලැබී නැතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින්  මහතා සදහන් කරයි.
 
පසුගිය වසරේදී ද කිසිදු අයදුම් පත‍්‍රයක් නොලැබුණු පාසල් 433ක් වාර්තා වී ඇති බවත් පෙන්වා දුන් ස්ටාලින් මහතා මේ හේතුවෙන් වසරකට විශාල පාසල් සංඛ්‍යාවක් වැසි යන තත්වයට පත්ව ඇති බවද පෙන්වා දුන්නේය.
 
රටේ පවතින පාසල් 10,162 ක් අතරින් ළමයින් 50ට වඩා අඩු පාසල් 1056 ක් ඇති බවත් ඔහු සඳහන් කළේය.
 
කුඩා පාසල් සංවර්ධනය කිරීමට නිසි වැඩපිළිවෙළක් නොතිබීම සහ 1016 චක‍්‍ර ලේඛයෙන් ගුරුවරුන් සීමා නොකිරීමත් නිසා කුඩා පාසල්  වැසි යාමේ තත්වයකට පත්වෙමින් තිබෙන බවද ස්ටාලින් මහතා පවසයි. 
 
එම චක‍්‍රලේඛය නැවත සමාලෝචනය කර පන්ති අනුව ගුරුවරුන් ලබා දෙන වැඩපිළිවෙළක් වෙනුවට විෂයට අනුව ගුරුවරුන් ලබාදෙන වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන ලෙසත් ඒ මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.



අදහස් (0)

‘පාසල් 350 කට පළමු ශ්‍රේණියට අයදුම්පත් ලැබී නෑ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1238 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1205 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 441 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site