IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘පවතින අරාජික බව පරිසරය විනාශ කරනවා’

විනීතා එම් ගමගේ
 
රට පුරා පරිසරයට හානි කෙරෙන ක‍්‍රියාකාරකම් ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇතැයි නිරික්ෂණවලින් පෙනී යන බව පරිසර යුක්ති කේන්ද්‍රය කියයි. 

රටේ පවතින අරාජික තත්ත්වය හේතුවෙන් පරිසරය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා ඉහළ නිලධාරින්ගේ අවධානය සහමුලින්ම බිඳ වැටී තිබීම නිසා මෙසේ පරිසර හානි ගැන කිසිදු අවධානයක් යොමු නොවන තත්ත්වයක් උදාවී ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා අද (28) පැවසීය. 

කැලෑ කැපීම්, වැලි ගොඩ දැමීම්, ගල්කොරි පවත්වාගෙන යාම්, අලි මිනිස් ගැටුම ඉහළයාම, නීතිවිරෝධීව ඉඩම් අත්පත් කරගැනීම, ජල පෝෂක ප‍්‍රදේශ විනාශය හා වෙනත් පාරිසරික ප‍්‍රශ්න රාශියක් මෙසේ තීව‍්‍ර වී ඇතැයි ද හෙතෙම කියා සිටියේය. 

පරිසර යුක්ති කේන්ද්‍රය මේ සම්බන්ධව කළ අධ්‍යයනයක දී හෙළි වූයේ පරිසරය වෙනුවෙන් ගත හැකි තීරණ පවා නොගෙන සමහර නිලධාරින් හිතවත් පිරිස්වලට වාසි සහගත තත්ත්වයන් උදාකරමින් සිටින බව යැයි ද විතානගේ මහතා පැවසිය. 

පසුගිය දින කිහිපයේ දී මාවිල් ආරු ප‍්‍රදේශයේ අක්කර හයසීයක් අල්ලා ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට සබඳතා ඇති දේශපාලඥයෙක්  ජනතාව උසි ගන්වමින් සිටිනු තම සංවිධානය නිරික්ෂණය කළ බව ද ඔහු සඳහන් කළේය. 

මාදුරු ඔය රක්ෂිත ප‍්‍රදේශයේ ඉඩම් අල්ලා ගැනීම සඳහා තවත් පිරිසක් කටයුතු කිරීම පිටුපස පවතින්නේ ද මෙකී අරාජිකභාවය යැයි ද මෙම අවස්ථාව හිතාමතාම මෙකී ඉඩම් ඇල්ලීමට යොදාගත් බව පෙනී යන්නේ යැයි ද විතානගේ මහතා කීය.

මේ තත්ත්වය  නතර කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම පමා නොකරන මෙන් සියලූ රාජ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බවත් පවතින තත්ත්වය නිවැරදි කිරීමට වහා පියවර  ගන්නා ලෙස දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බවත් හෙතෙම කියා සිටියේය.



අදහස් (0)

‘පවතින අරාජික බව පරිසරය විනාශ කරනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site