IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


‘පාර්ලිමේන්තු රැස්කර මහජන මුදල් නාස්ති කිරීම ගැන කතානායක වගකිව යුතුයි’

නාලක සංජීව දහනායක
 
එක් දේශපාලන කණ්ඩායමක උවමනාවන් වෙනුවෙන් පාර්ලිමේන්තුව රැස්කරවා නිස්කාරණේ මහජන මුදල් කාබාසීනියා කිරීම සම්බන්ධ වගකීම කතානායකවරයා විසින් බාරගත යුතු යැයි අනුරාධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ මහතා අද (7) පැවැසීය.

මේ වනවිට දින පහක කාලයක් පර්ලිමේන්තුව රැස්කිරීම වෙනුවෙන් රුපියල් කෝටි තුනකට අධික මුදලක් වියදම්ව තිබෙන බවද මන්ත‍්‍රීවරයා කීය. 
 
එහිදි මන්ත‍්‍රීවරයා මෙසේ ද පැවසීය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 225 දෙනාම අත්සන් කළත් නැවත රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් නොකරන බව ජනාධිපතිවරයා කිහිප විටක්ම පවසා තිබෙනවා. එහෙමනම් අගමැතිධූරය සඳහා එක්සත් ජාතික පක්‍ෂයෙන් වෙනත් පුද්ගලයකු නම් කිරීමෙන් විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ඇතිවී තිබෙන අර්බුදය විසඳාගන්න පුළුවන්කම තිබෙනවා. කොහොම නමුත් මේ අර්බුදය නිර්මාණය කළේ එක්සත් ජාතික පක්‍ෂයයි.

හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත‍්‍රී කණ්ඩායමකගේ සහය හිමිව තිබෙන බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. ඒ සඳහා දිවුරුම් ප‍්‍රකාශ ඉදිරිපත් කරන බව අජිත් පී. පෙරේරා හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා දින වකවානු සහිතව කිව්වා. එහෙමනම් ඔය කියන බහුතරය ජනාධිපතිවරයාට පෙන්වීමෙන් මේ ප‍්‍රශ්නය විසඳාගන්න පුළුවන්. 

නමුත් අද වෙනකම් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න ඔවුන්ට බැරිවෙලා තිබෙනවා. රනිල් වික‍්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන බව පෙන්නුවොත් ඒ අනුව ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්න අපි සූදානම්. පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න තියා රනිල්, සජිත්, කරූ එකම වේදිකාවකට ගේන්න එක්සත් ජාතික පක්‍ෂය බැහැ.

මේ වනවිට නායකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂ අභ්‍යන්තරයේ බරපතල අර්බුදයක් ඇතිවෙලා තිබෙනවා. පසුගිය ඔක්තෝබර් 26 වැනිදාට පෙර ඔවුන් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව එළවන්න සටන් කලා. නමුත් මේ ඇතිවුණ දේශපාලන පෙරළියේ දී එක්සත් ජාතික පක්‍ෂය රකින්නත් ඔවුන් පුදුම වෙහෙසක් ගන්නවා.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිට ශ්‍රී ලංකා නිදහස් පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේදී අද (7) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

(ඡායාරූප - ඉෂාන් සංජීව)



අදහස් (0)

‘පාර්ලිමේන්තු රැස්කර මහජන මුදල් නාස්ති කිරීම ගැන කතානායක වගකිව යුතුයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1236 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1202 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site