IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුව ජනමාධ්‍ය නිදහසට තර්ජනයක්

බිඟුන් මේනක ගමගේ
 
 
ජනමාධ්‍යවේදීන්ට සිදු වූ හිංසන සම්බන්ධයෙන් යුක්තිය අපේක්ෂා කළ ජනමාධ්‍ය සමාජය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට ස්ථාන මාරුවක් ලබාදීම මගින් කම්පනයට පත්ව සිටින්නේ යැයි ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 
සන්ඬේ ලීඩර් පුවත්පතේ කර්තෘව සිටි ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළවත්  රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන කීත් නොයාර් හා නාමල් පෙරේරා ඇතුළු මාධ්‍යවේදීන්ට හිංසා කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වමින් සිටින්නේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා වීම ඊට හේතුව යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
 
ඉහත සිදුවීම්වල සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ නිශාන්ත සිල්වා මහතා දක්ෂ ලෙස අපරාධ පරීක්ෂණ සිදුකිරීම නිසා යැයි ද ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.
 
මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාවත් මාධ්‍ය නිදහසත් අනතුරට හෙළීමක් යැයි ද නීතිය හා සාමය භාර ඇමැතිවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහි මූලික වගකීම ගත යුතු යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 



අදහස් (0)

නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුව ජනමාධ්‍ය නිදහසට තර්ජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site